IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මී අත්තම්මා සමුගනී

ලොව වයස්ගත ම කාන්තාව වූ මිසාඕ ඔකාවා (117) හෘදයාබාධයකින් මියගිය බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙළොව එළිය දැක ඇත්තේ 1898 මාර්තු 05 දා බවට ලිඛිත සාක්ෂි තිබිණි.

දරුවන් තිදෙනකු බිහි කළ ඇය මුණුපුරු මිනිපිරියන් සිව් දෙනකුගේ හා මී මුනුපුරැ මිනිපිරියන් හය දෙනකුගේ අත්තම්මා කෙනෙකි. ඇය ලෝකයේ වයස්ගත ම කාන්තාව ලෙස 2013 වර්ෂයේ දී ගිනස් වාර්තා පොතට ඇතුළත් වූවාය.  මාර්තු 05 දා තම උපන්දිනය සමරණ අවස්ථාවේ දී ඔකාවා මහත්මිය කියා සිටියේ අවම වශයෙන් දිනකට පැය අටක් පමණ නිදා ගැනීමත් ඇගේ ප්‍රියතම ආහාරය වන සුසී නමැති සුසී කෑමට ගැනීමත් දීර්ඝායුෂ ලැබීමේ රහස බවයි.

විනාකිරි වලින් රස කරණ ලද තම්බපු හාලේ බත සහ මැකරල් ද ඉතා කැමැත්තෙන් අනුභව කළ බව ද ඇය කියා ඇත. ඇගේ 117 වැනි උපන්දින සැමරුම ජපාන රූපවාහිනියේ විකාශ කැරිණි.

ඔකාවා මහත්මියගේ පියා ජපානයේ සම්ප්‍රදායික ඇඳුම වූ කිමෝනා නිෂ්පාදනය කරන්නෙකි. ඇය 1919 වර්ෂයේ දී විවාහ වූ අතර යුකිකෝ නමැති සැමියා ද ව්‍යාපාරිකයෙකි. ඔහු සමඟ ඇය කොබේ නගරයේ ජීවත්වූවාය.  

ශතවර්ෂ තුනක් ඔස්සේ දිවි ගෙවූ ඇය ජපාන අධිරාජ්‍යයින් තිදෙනෙක්, බ්‍රිතාන්‍ය රජ පරපුරවල් හයක්, සහ ඇමරිකන් ජනාධිපතිවරු 20 දෙනකු දැක ඇත.

මෙතෙක් ගිනස් පොතේ  වාර්තා වි ඇති වයස්ගත පුද්ගලයා වන්නේ ප්‍රංශයේ විසු ජීන් කැල්මෙන්ට් නැමැත්තාය. මොහු වර්ෂ 122 සහ දින 164 ක් ජීවත්ව 1997 අගෝස්තු මාසයේදි මියගියේය.

 



අදහස් (0)

මී අත්තම්මා සමුගනී

දුමින්ද Wednesday, 01 April 2015 10:01 AM

කවදා හෝ ආර්ය සත්‍ය සත්‍ය වේ .(ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 April 2015 12:54 PM

සසර දුකයි ආත්තම්මේ! ඔබට නිවන් සුව! (නි)

:       0       0

ශ්‍රීමා Thursday, 02 April 2015 12:33 PM

ඔබට නිවන්සුව.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site