ලෝකයේ ප්‍රමුඛතම ටෙනිස් ශුරතාවය ලෙස සැලකෙන ලන්ඩන් නුවර 2015 විම්බල්ඩන් කිරුළ සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් විසින් ගිය ඉරිදා දිනාගනු ලැබිය. දැනට ලෝකයේ ටෙනිස් ක්‍රීඩකයින් අතර පළමුවන ස්ථානය දරන ඔහු විම්බල්ඩන් කිරුළ දිනාගත් තෙවන අවස්ථාව මෙයයි. මෙවර ඔහු අතින් පරාජයට පත්වුයේ ලොව දෙවන තැන සිටින ස්විස් ජාතික රොජර් ෆෙඩරාය.
අවසන් තරගයට පෙර මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමින් ජොකොවිච් පවසා ඇත්තේ මෙවැනි තරඟකාරී අවස්ථාවකකට මුහුණදෙන විට තමන්ගේ මනස තුළ ඇතිවන දැවැන්ත පීඩනය සහ උද්වේගය මැඩපවත්වා අනාකුල මනසක් ඇතිකර ගැනීම සඳහා බෞද්ධ භාවනා ක්‍රම භාවිතා කරන බවයි.
ලෝකයේ ඉහළ මට්ටමේ තරඟකාරී ක්‍රීඩාවන්හි නියැලෙන අයගේ චෛතසික ශක්තතාව පිළිබඳව සැලකීමේදී ජොකොවිච් අන් අය අභිබවා ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනා විශ්වාස කරති. එවැනි මානසික බලයක් ඇතිකර ගැනීම සඳහා සතිපට්ඨාන භාවනා ක්‍රමය බලවත් පිටුවහලක් වන බව ජොකොවිච් පවසා ඇත.
භාවනාව සඳහා ඔහු විම්බල්ඩන් ටෙනිස් ක්‍රීඩාංගන ආසන්නයේ පිහිටා ඇති බුද්ධාපදිප විහාරස්ථානය වෙත යයි. අක්කර 4 ක් පමණවූ නිස්කලංක භූමියක පිහිටා ඇති මෙම තායිලන්ත ථෙරවාදී විහාරස්ථානයට ටෙනිස් ක්‍රීඩාංගනයෙහි සිට ඇවිද යාමට ගතවන්නේ විනාඩි 10 කටත් වඩා අඩු කාලයකි.
ටෙනිස් තරඟ පවතින කාලය තුළ ඔහු දිනපතාම හිමිදිරි පාන්දර විහාරස්ථානයට පැමිණෙන බවත් ඔහුගේ පාඩුවේ බුද්ධ මන්දිරය වෙත ගොස් පැය කිහිපයක් භාවනායෝගීව කාලය ගත කරන බවත් විහාරවාසී බත්සකොන් පියබසෝ හිමි පැවසුහ.
ජොකොවිච් ලොව ප්‍රකට සුපිරි ක්‍රීඩකයකු බව තමන් වහන්සේ දන්නා බව පැවසු උන්වහන්සේ භාවනා කිරිම සඳහා විහාරස්ථ භික්ෂුන් වහන්සේගේ උපදෙස් ඔහු විසින් කිසිවිටෙකත් ඉල්ලා නැති බවද පැවසුහ.
ඔහු භාවනායෝගීව ඉන්නා ආකාරයෙන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඔහු තුළ මනා අවබෝධයක් සහ නිපුනත්වයක් ඇතිබව පෙනී යන බවද සමහර දවස්වල භාවනාවෙහි යෙදීමෙන් අනතුරුව ජොකොවිච් හුදකලාව පන්සල් භුමියේ හිමින්සීරුවේ සක්මන් කරනු දැක ඇති බවද, විහාරස්ථානයට පැමිණෙන කිසිවෙකුටත් අවහිරයක් නොවන පරිද්දෙන් තමන්ගේ භාවනා කටයුතු කරගෙන යාමට ඔහු නිතර ප්‍රවේසම් වන බවද උන්වහන්සේ පැවසුහ.
භාවනාව තුලින් මනසෙහි ඒකාග්‍රතාවයක් පවත්වාගෙන යාමට පුරුදු විය හැකිබවද ටෙනිස් වැනි වේගවත් ක්‍රීඩාවක නිරතව සිටින විට ගතයුතු ක්ෂණික පියවරවල් පිලිබඳ තීරණ ගැනීමේදී සිතෙහි නිරවුල් එකාග්‍රතාවයක් පවත්වාගෙන යාමට හැකිවීම වැදගත් වන බවද භාවනාව මේ සඳහා උපයෝගී කරගත හැකි හොඳම ක්‍රමයක් බවද ජොකොවිච් කියා ඇත.
![TENIS1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/TENIS11.jpg)

![BUDDHADIPAADA[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/BUDDHADIPAADA1.jpg)
![djokovic-meditation-2-novak-djokovic-15609177-332-500[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/djokovic-meditation-2-novak-djokovic-15609177-332-5001.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනාව ආරම්භ උනේ බෞද්ධ ආගම තුලින්. නමුත් එහි සත්‍යතාවය අනිත් ආගම්තුලින් අනුගමනය කරනවා.(නදී)
පහන් මා රැකියාව කරන්නේ යුදෙව් ජාතිකයකුට ඔවුන් බාවනා කරනා බව මම දන්නේ ඒ නිසා , යුදෙව්වන් භාවිතා කරන්නේ ඇරමියා ( හෙබ්‍රෙව් ) භාෂාවෙන් ලියා තිබෙන බයිබලය , ටෝරා කියන්නේ එම බයිබලයේ එක කොටසක් , නොදන්නා දේවල් කතා කරන්න එපා පහන් , නුගත් කම මහා මුදලි කමට වඩා ලොකුලු (බ)
භාවනාව කියන දේ බුද්ධ දර්ශනයයි,එය එක ආගමකට පොදු නොවේ, ඕනෑම මනුස්සයෙකුට පොදුයි,එකම දෙය නම් බුදුදහමේ මාර්ගළුල ලැබීමට නම් භාවනාවෙන් ලැබෙන සමාධිය තුළදී සියල්ලීම ඇති අනිත්‍ය දුක අනාත්ම බව දැකිය යුතුයි , (ම)
ජැමෙයිකාව , ග්‍රෙනේඩා , වාගේ කැරිබියන් රටවලත් අපේම වාගේ භාවනා ක්‍රම තියෙනවා , (ම)
භාවනා කිරීමට බෞද්ධයෙක් වීම අවශ්‍ය නැහැ. නමුත් භාවනා කිරීමට බෞද්ධ ඉගෙන්වීම උපයෝගී වෙයි (නදී)
මේ නිකන් රණ්ඩු වෙන්න එපා මේ භාවහා කරන කට්ටිය ෆේස්බුක් වල අදහස් ප්‍රකාශ කරනවා. බලන්න ලස්සනේ බැහැ හරිම සුන්දරයි. (ර)
ගොඩක් සන්තෝසයි, (හේ)
අර ඉස්සර හිටපු බොබ්මාලේ කියන ජෙමෙයිකානු ගායකයත් භාවනායෝගියෙක්. එහෙත් එයා බෞද්ධයෙක් නෙමෙයි. භාවනා කරන්න බෞද්ධයකු වන්නට අවශ්‍ය නැහැ. සිත එකඟ කරගැනීමක් භාවනව තුළින් කරන්නේ (නි)
චන්දිම ඔබගේ අදහසට මම එකඟ වෙමි.හුදු ලෞකික අරමුණු තකා කරන භාවනා වෙනත් ආගම් වල තිබුනත් සති පට්ටානය වඩා අවසානයේ නිර්වාණ අවබෝධය තමයි බුදු දහමෙන් බලාපොරොත්තු වන භාවනාවේ පලය (ස)
බුදුදහම හැර ලංකාවේ තවත් ආගමක් භාවනා ක්‍රම අනුගමනය කරන්න කියල කියනවා .එතකොට එයාල ලබන කමටහන් බෞද්ධ ඒවාද ? (ම)
රිච් බාලසුරිය,භාවනා කළ කෙනෙක් නොවෙන බව පෙනේ. ඔබ අදහන ආගම ගැනත් ලියන්න අපිටත් අත්හදා බලන්න. පුළුවන් මිනිසා සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරනවා. මේ තුළ තම විශ්වාසයට විරුද්ධ දේ සත්‍ය වුණත් දැඩිලෙස බැහැර කරනවා. කෙසේවෙතත් බහුතර ජනතාවකගේ සිතුම් පැතුම් වටහාගෙන තම සිත් සසල කර නොගෙන ජීවන ගමන යාමට හැමටම හැකි වේවා! (නි)
විවිධ ලෞකික අරමුණු වෙනුවෙන් කරන භාවනා විවිධයි.භාවනාවෙන් වෙන්නේ සිත එක්තැන්වීම(සමාධි) පමණක් නොවේ.ටෙනිස් ක්‍රිඩකයාගේ අරමුණ ක්‍රිඩාවේ දියුණුව ම පමණක් නම් එය හුදු ලෞකිකයි. සමාධියේ ද විවිධ මට්ටම් පවතී.බෞද්ධ සතිපට්ඨාන භාවනාවෙන් තමයි විදර්ශනා ඥාන ලැබීමේ හැකියාව ඇත්තේ.(ම)
පහන්, සල්ගාදු, උපසේන, මේ පිරිස සසල වී ඇත්තේ ආගම නමැති තම විශ්වාසය තුළ තම සිත් දෝලනයට පත්වේ යන සැකය නිසාය. සැකය නිසා බිය හට ගනී. බිය නැති කර දැමීමට එකම මාර්ගය භාවනානුයෝගීවීමය (නි)
භාවනා ක්‍රම වෙනත් ආගම් වලත් තියෙනවා , ඔවුන් භාවනා කරනා සිතුවිලි වෙනස් , ඉන්දියාවේම හින්දු සහ වෙනත් ආගමික අය ඔවුන්ට අනුව භාවනා යෝගී කටයුතුවල යෙදෙනවා , ඊශ්‍රායලයේ ජුවිෂ් අයට ඔවුන්ට ආවේනික භාවනා ක්‍රම තිබෙනවා , භාවනා කරන එකම ආගම බෞද්ධාගම නොවේ. (ස)
භාවනාව බොහොම හොඳ දෙයක්. මමත් මෙය අත්දැකීමෙන් දන්නවා (නි)
භාවනාව බුදු දහනට පමණක් සීමා වුවක් නොවේ. (ස)
නුගත් මිනිස්සු වගේ රණ්ඩු කරගන්නේ නැතුව මේ විශිෂ්ට ක්‍රීඩකයා වගේ වටිනා දේවල් තමන්ගේ ජීවිතේට එකතු කරගෙන තමන්ගේ දියුණුවක් ඇති කරගන්න උත්සාහ කරන්න. (නි)
මේ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් භාවනාව වෙත යොමු වෙනවා. අපේ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් දේශපාලනයට ඇවිත් තමන්ගේ පවුලත් කඩා කප්පල් කරගෙන ලැබිච්ච ක්‍රීඩාලෝලි ප්‍රසාදයත් නැති කරගෙන පල්ලම් බහිනවා. (බ)
භාවනාව වෙනත් ආගම් වලත් තිබුණාට සතිපට්ඨාන භාවනාව එන්නේ බුදුදහමේ විතරයි...(ම)
කනිශ්ක ඔබ හරි. එක අනික් අයට තේරෙන්නේ නැති එක තමා දුක. (ස)
මේකේ කොම්මෙන්ට් දාන එවුන් මෙලෝ රහක් නැහැ . මිනිහෙක් යහපත් විදියට ජීවත් වෙනකොට ඒ දිහේ බලල ආදර්ශයක් අරගෙන ජීවිතය යහපත් කරගන්නේ නැතුව ඒ මනුස්සය කරන එක අදාල වෙන්නේ මොන ආගමටද (බ)
එතකොට ඒ ආගම වලත් විදර්ශනා සමථ භාවනා වඩල මාර්ග ඵල ලබාගන්න උගන්නනවද ?(නදී)
භාවනාවට ආගමක් අවශ්‍ය නෑ හිත එක්තැන් කිරීම භාවනාව (බ)
රිච් බාලසුරිය පට්ටපල් බොරු කියන්න එපා යුදෙව්වන්ගේ භාවනා ක්‍රම නැහැ .දැති නොවන යුදෙව්වන් සහ සමහර දැති යුදෙව්වන් පවා අනුගමනය කරනේ බුදුදහමේ ඉගැන්වීම් එක්ව යැදිම හැර භාවනා ක්‍රම කොහෙද යුදෙව්වන්ගේ තොරා (තොරා එක කියන්නේ ඔවුන් කියවන පොත )එකේ තියෙන්නේ ? (බ)
මොන නමින් ආගම හදුන්වල හරි ප්‍රතිපදාව පුරනවානම් ප්‍රතිළුල ලැබෙන බව මේ විශිෂ්ට ක්‍රීඩකයා ඔප්පු කරලා තියනවා.. (ම)
ඔබ ලොවටම ආදර්ශයක් (නි)
නරකද කට්ටිය පිස්සු කියවන්නේ නැතිව දන්නා විදියට භාවනාවක් කලානම් (ස)