අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් සාමය සඳහා වඩාත් හොඳ අවස්ථාවක් ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී පැවැසීය. 
 
 විපක්ෂයේ පසුවන කොංග්‍රසය ඉන්දියාවේ මීළඟ ආණ්ඩුව ලෙස පත්වුවහොත් මතභේදාත්මක ඉන්දීය පාලන කාශ්මීරය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම පහසු නොවනු ඇතැයි ද පාකිස්තාන අගමැතිවරයා කීවේය.
 
 එහෙත් දක්ෂිණාංශික පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් කාශ්මීරය සම්බන්ධයෙන් බේරුමකට පැමිණිය හැකි යැයි පාකිස්තානයේ සිටින විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අගමැති ඉම්රාන් ඛාන් කීය. 
 
 ද හින්දු ඇසුරිනි 
 
055