අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් සාමය සඳහා වඩාත් හොඳ අවස්ථාවක් ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී පැවැසීය.
විපක්ෂයේ පසුවන කොංග්‍රසය ඉන්දියාවේ මීළඟ ආණ්ඩුව ලෙස පත්වුවහොත් මතභේදාත්මක ඉන්දීය පාලන කාශ්මීරය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම පහසු නොවනු ඇතැයි ද පාකිස්තාන අගමැතිවරයා කීවේය.
එහෙත් දක්ෂිණාංශික පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් කාශ්මීරය සම්බන්ධයෙන් බේරුමකට පැමිණිය හැකි යැයි පාකිස්තානයේ සිටින විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අගමැති ඉම්රාන් ඛාන් කීය.
ද හින්දු ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘භාරතීය ජනතා පක්ෂය ජය ලැබුවොත් සාමයට හොඳ අවස්ථාවක්‘
Aslam Wednesday, 10 April 2019 09:54 AM
මේක භාරතීය ජනතා පක්ෂය ගෙදර යවන්න පුළුවන් කියමනක්..., හේතුව පාකිස්තානය කැමති කෙනාට ඉන්දියාව අකමැති වුණු හින්දා...
rasika Wednesday, 10 April 2019 02:59 PM
හොඳ බට්මන් කෙනෙක්ව අවුට් කරන්න ඕනේ හැටි ඔහු හොඳින් දන්නවා. දුර්වල තැන හොයලා බලනවා. කැමතිම පහරට පොළඹවනවා. ඊට පස්සේ එතන බ්ලොක් කරලා වැරදි පහරක් ගහන්න පොළඹවනවා. මොහු ඉන්දියාවට කරන්නෙත් එ්කමයි... මොදිට, ඉම්රාන් ඛාන් ගේ තීක්ෂණ නුවණත් එක්ක හැරෙන්නත් බැහැ. දැනටමත් ඛාන් දිනලා ඉන්නේ.. හැබයි ඔහුට ඕනේ මුළු තරගාවලියම දිනන්න.
rsaika Wednesday, 10 April 2019 03:03 PM
මොහු හොඳින් දන්නවා... දඟපන්දු පහරදෙන්නෙක්ව අවුට් කරන හැටි... දුර්වල තැන වගේම කැමතිම පහරත් හොයලා බලනවා. ඊට පස්සේ එතන බ්ලොක් කරලා දුර්වල පහරටම පොලඹවනවා.. ඛාන් එක්ක මොදිට හැරෙන්නවත් බැහැ.. දැනටමත් එක මැච් එකක් දිනුවා.. මොහුට ඕනේ මුළු තරගාවලියම දිනන්න..
Mudali Thursday, 11 April 2019 09:36 AM
ඉම්රාන් ඛාන් කරන්නේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ කොන්තරත්තුවක්ද කියන්න බැහැ…...කොහොම නමුත් එක්තරා රාජ්‍යතාන්ත්‍රික කතාවක් බව නම් කියන්න පුළුවන්..