ඇෆ්ගනිස්තානයේ සඳුදා පෙරවරුවේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය ගණන 250 කට ආසන්න බව අලුත්ම විදෙස් ප්‍රවෘත්ති වාර්තා පවසයි.

ඇෆ්ගනිස්තානයේ හින්දුකුෂ් කඳුකර ප්‍රදේශයේ සිදුවූ භූකම්පනය රිච්ටර් මාපකයේ 7.5 ක් ලෙස සටහන් වී ඇත.

පාකිස්තානය, ඉන්දියාව, තජිකිස්තානය ඇතුළු රටවල්වලටද භූ කම්පනයේ බලපෑම් ඇතිවූ බවත් පාකිස්තානයේ බාලිකා පාසලක සිසුවියන් 12 දෙනකු සිරවී මියගොස් සිටි බවත් වාර්තාවේ.

පාකිස්තානයේ පමණක් 154 දෙනකු භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇතැයි කියති.

web20151027-asia-quake-1026-medium-plus-169