
වසර දෙක හමාරකට පසු භූතානය යළි සංචාරකයන්ට විවෘත වී තිබේ. භූතානය සිය දේශසීමා වසා දමා තිබුණේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය හේතුවෙනි.
භූතානයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සැලකෙන්නේ ද සංචාරක කර්මාන්තයයි. රට යළි සංචාරකයන්ට විවෘත වෙද්දී නව සංචාරක බද්දක් ද ක්‍රියාත්මක වනු ඇත.
මීට පෙර මෙම සංචාරක බද්ද ඇමෙරිකන් ඩොලර් 65 ක් විය. කෙසේ නමුත් එය සංශෝධනය වී ඇත්ිතේ ඇමෙරිකන් ඩොලර් 200 ක් ලෙසය.
'කොවිඩ් 19' හමුවේ දේශසීමා වසා දමා හුදෙකලා වීමට පෙර භූතානය ඉන්දියානුවන්ගෙන් කිසිදු සංචාරක බද්දක් අය කළේ නැත.
කෙසේ නමුත් යළි රට විවෘත කිරීමෙන් පසු ඉන්දියානුවන්ගෙන් ද බදු මුදල් අය කර ගන්නා බව භූතාන රජය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd