භූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පුද කිරීමට භූතාන රජය තීරණය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, 'න්ගඩාග් පෙල් ජී කොර්ලෝ' නමැති එම සිවිල් සම්මානයෙන් පිදුම් ලබන බව ප්‍රකාශයට පත් කෙරුණේ එරට ජාතික දිනය සැමරුමට සමගාමීවය.
භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, 'න්ගඩාග් පෙල් ජී කොර්ලෝ' සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමීමට භූතාන රජු තීරණය කළ බවත්, එය ඉන්දු භූතාන මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් වනු ඇති බවත්ය.
'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී භූතාන වැසියන් වයිරසයෙන් පීඩාවට පත් වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැදිහත් වී, ඉන්දියාවේ නිපදවන ප්‍රතිශක්තිකරණ එන්නත් කඩිනමින් භූතානයට ප්‍රදානය කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් භූතාන රජුත්, භූතාන වැසියනුත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කෘතඥ වන බව ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් පවසා තිබේ.
'මෙම ගෞරව සම්මානය, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ට ලැබිය යුතු සම්මානයක්. ඔහු භූතානයේ හොඳ මිතුරෙක්. හොඳ හදවතක් ඇති මිනිසෙක්. මෝදි හමුවී ඔහුට සම්මානය පිරිනැමීමටත් ඔහුට සුබ පැතීමටත් මා බලාපොරොත්තුවෙන් සිටිනවා' යැයි ද භූතාන අග්‍රාමාත්‍ය ලොටේ ෂෙරිංග් ෆේස්බුක් ගිණුමේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
භූතානයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට