‘ලේසර් භෞතික විද්‍යා’ ක්ෂේත්‍රයේ කරන ලද සොයාගැනීම් හේතුවෙන් භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට පර්යේෂකයෝ තිදෙනෙක් අද (2) සමත්වූහ.
මේ අනුව 2018 වසර සඳහා භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින්, ජර්මනියේ ජෙහාඞ් මොව්රොව් සහ කැනඩාවේ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් යන විද්‍යාඥයන් අතර බෙදී ගියේය.
විද්‍යාඥයන් තිදෙනකු අතර බෙදී ගියත් මෙවර නොබෙල් ත්‍යාගයෙන් අඩක් ඇමෙරිකා විද්‍යාඥ ආතර් ඇෂ්කින් වෙතත් ඉතිරි අඩ ජර්මනියේ ජෙහාඞ් මොව්රොව් සහ කැනඩාවේ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය
මේ අනුව නොබෙල් ත්‍යාගය වෙනුවෙන් හිමිවන ස්වීඩන ක්‍රෝනොර් මිලියන නවයක මුදලින් අඩක් ආතර් ඇෂ්කින්ට ලැබෙන ඉතිරි අර්ධය ජෙහාඞ් මොව්රොව් සහ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් අතර බෙදී යනු ඇත.
ආතර් ඇෂ්කින්, ජෙහාඞ් මොව්රොව් සහ ඩෝනා ස්ට්‍රික්ලන්ඞ් ‘ලේසර් භෞතික විද්‍යා’ ක්ෂේත්‍රයේ කරන ලද සොයාගැනීම් නිසා අක්ෂි සැත්කම් ක්ෂේත්‍රයේ විප්ලවීයක් වෙනසක් ඇති වූ බවත් ඒ නිසා ඉහළ තාක්ෂණයෙන් සමන්විත උපකරණ නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබුණු බව නොබෙල් කමිටුව සඳහන් කළේය.
කැනඩාවේ ඩෝන් ස්ට්‍රික්ලන්ඞ් වසර 55කට පසු භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි කරගත් පළමු කාන්තාවට බවට පත්වීමට සමත්වූවාය. භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග දිනා ඇත්තේ කාන්තාවන් තිදෙනකු පමණි. මාරි කියුරි 1903 දීත් මාරියා ගෝපාට් මේයර් 1963 දීත් භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ වයස්ගතම තැනැත්තාය. විද්‍යාඥ ආතර් ඇෂ්කින් මේ වනවිට 96 වන වියේ පසුවන අතර ඔහු තවමත් පර්යේෂණවල නිරත වෙයි.
මෙම විද්‍යාඥයන් තිදෙනාගේ සොයාගැනීම් නිසා වර්තමානයේදී අක්ෂි ශල්‍යකර්ම පෙරළියක් ඇති වූ අතර ඔවුන්ගේ තාක්ෂණය නිවැරැදි අක්ෂ ශල්‍යකර්මවලදී භාවිතයට ගැනේ.
රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හෙට (3) නිවේදනය නිකුත් කිරීමට නියමිතය.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබෙල් ත්‍යාගයක් දිනා ගන්නවා කියන්නේ භෞතික විද්‍යාඥයෙකුගේ ලොකුම සිහිනයක්. ඒත් මොකක්ද ඇති වැඩේ? මැරුණම අරං යන්නද?