අන්තර්ජාතක අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ රොකට්ටුවක් පසුගියදා ගුවන් ගතවී තත්ත්පර 6 ක් ගතවීමේදී පුපුරා විනාශ විය.
සිදුව ඇති අලාභය ඩොලර් ලක්ෂ 2000 (රුපියල් ලක්ෂ 264000) ක් පමණ වේයැයි ගණන් බලා ඇත.
රොකට්ටුව ගුවන්ගත වනු ආශාවෙන් නරඹමින් සිටියවුන්ගේ ඇස් පනාපිටම එය ගිනි බෝලයක් බවට පත්වුනි.
රොකට්ටුවේ පිපිරුම කිලෝමීටර ගණනාවක් ඈතට දිස්ව ඇතැයි සඳහන්ය.
නාසා ආයතනයේ කොන්තරාත්තුවක් භාරව කටයුතු කරන ඕර්බිටල් සයන්සස් නම් සමාගමක් රොකට්ටුවේ හිමිකාරීත්වය දරන අතර එම සමාගම පවසන්නේ වසර 40 ක් පමණ පැරණි තාක්ෂණයක් භාවිතයෙන් නිපදවූ රුසියා රොකට්ටුවක් වැඩිදුර නොසිතා මේ සදහා භාවිතා කිරීම ගමනේ විනාශයට හේතුවූ බවයි.
එසේ වුවත් ප්‍රකාශයක් නිකුත් කර ඇති රුසියාව,ඇමරිකාවේදී සිදුකරන්නට ඇති යාවත්කාල කිරීම් රොකට්ටුවේ විනාශයට මුල් වී ඇතැයි චෝදනා කර ඇත.
පිපිරීමෙන් ජීවිත හානි කිසිත් වාර්තා වී නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි රටෙත් පුද්ගලික අංශයට වැඩක් බාර දුන්නහම ඔහොම තමයි වෙන්නේ. ඒගොල්ලන්ට ඕන ලාබෙට වැඩේ කරලා උපරිම ලාබය ගන්න. අවුරුදු 40 ක් පරණ රොකට්ටුවක් ඔය වැඩේට පාවිච්චිකරන්න කියල කවුරුවත් කිවුවේ නැහැනේ? පරණ රොකට් එකක් පාවිච්චිකලත් අලුත් එකෙන් කරන්න යන ගානම ගන්නවා. වැඩේ බාරදෙන මිනිස්සුත් කල්පනාවෙන් වැඩේ බාරදෙන්න වෙනවා. (ර)
එකෙත් වැරැද්ද රුසියාවට පටවන්න හදන්නේ.(හේ)
වැරැද්ද බාරගන්න බැරිකම හා නොහැකියාව මනාව ඔප්පුවෙලා තියෙන්නේ (නදී)
වැරදුන නිසා ඒක රුසියාවේ. හරිගියා නම් ඇමෙරිකාවේ. අපි නොදන්නා ඇමෙරිකාව! (නි)
ඇමෙරිකාව දැන් රොකට් ගන්නේ රුසියාවෙන්වද්ද? (නි)
ලෝකයටම සෙල්ලම් පෙන්වන ඇමරිකාවට මේකත් එක සෙල්ලමක් පමණයි. ඒ වුණත් ලැජ්ජයි (නි)
සල්ලිකාර රටවල් එහෙම තමයි.පාඩු හෝ ලාබ ගැන නොතකා එයාලගේ පර්යේෂන ගැනයි වැඩිය උනන්දු වෙන්නේ.(හේ)
මොනවා උනත් මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියකදී ඔයවගේ වැරදි වෙන්න පුළුවන්.(හේ)