වර්තමාන ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ ජනප‍්‍රිය ගායකයෙක් වන භාචි සුසාන් ප‍්‍රථම වරට පැරීසියේදි ගී ගයන සංගීත ප‍්‍රසංගයක් ඔක්තෝබර් 18 වැනිදා සවස 5.30 පහත ලිපිනයේදි පැවැත්වේ. පැරීසියේ ශ්‍රී ලාංකික සංචාරක ආයතනයක් වන සියෙල් ලංකා ආයතනය විසින් මෙම ප‍්‍රසංගය සංවිධානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩකටයුතු වලට දෝෂාරෝපණය කරන්න එපා. ප්‍රංශයේ සම්භාව්‍ය සංස්කෘතිය තියෙන්නේ ප්‍රංශ ජනතාවට. මේ රටේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඒ සංස්කෘතියට හැඩගැසෙනකොට තව වසර 1000 ක් විතර යයි (නි)
ගනේවත්තල විශාරදයන්ගේ ගීත අහලා කරපු දේවල් කවුද නොදන්නේ ? දැන් පුසෝ වගේ සද්දයක් නැහැ . (බ)
රන්ජිත් අයියාගේ කටට මසුරන් දාන්න ඕනෑ.ඔය කට්ටිය හිටපු සංවිධාන වලට වෙච්ච දේ දන්නවානේ? (නි)
විශාරධ අමරදේව, සුනිල් එදිරිසින්හයානන්, වික්ටර්, කල්හාර, නන්දා මාලිනියන් මිලානෝවට මෙන් පැරිසියට එන්නෙම නැතිද? (ර)
පැරිසියේ ඉන්න ශ්‍රි ලාංකිකයන්ට ජීවත්වෙනෙන් විදිහක් නැහැ රස්සා නැහැ. ආදායම් මාර්ග අඩුවෙලා. පවුල්වල ප්‍රශ්න. බැංකු වලට ණය.මෙයාලා මේ ගී ගයනවා (නි)
පැරිසියේ ඉන්න අයට ඕවා තමයි අල්ලලා යන්නේ (නි)
නියමයි. (ර)
භාචි සුසාන් ශ්‍රී ලංකාවේ ගායකයෙක්ද? අපි නම් ඇහුවෙත් අදයි. (නි)
පිටිගල, මිලානෝ වල වගේ අය දැන් පැරිස් වල නැහැ (නි)
මෙයා හොදයි, හැබැයි ඕනවට වඩා සද්දේ වැඩි. (ර)
නියමයිනේ (නි)
අපිට ටික කලකට කන්දොස්කිරියාවෙන් බේරිලා හිටියහැකි .එකත් ලොකුදෙයක්. අවසාන මොහොත වෙනකම් තියාගන්න (බ) .
මේක හොඳ දෙයක් (නි)
වැඩේ කියන්නේ හැමෝම දන්නවා මිනිහට සින්දු කියන්න බැහැ කියල හැබැයි මිනිහ දන්නේ නැහැ.මහා කන් කරච්චලයක් වගේ මේ මිනිහ සින්දු කියන කොට .(ම)
සනත්, මොකුත් වෙන්නේ නැහැ.මොකක්ද අපි දෙගොල්ලන්ගේ වෙනස? (නි)
නියමයි. ඔබට සුබ පැතුම්! (නි)
ඊළඟ සතියේ මොකක්දෝ මොඩ්ලින් ෂෝ එකක් තියනවා කියලා ආරංචියි. මේ අයට මොනවද වෙන්න යන්නේ. (ර)
ගුණේ අය්යා ඔයත් එනවද ?භාචි සොමියක් දාන්න .දැහැන් ගත වෙනවට වඩා ඇඟ ටිකක් හොල්ලලා සොමියක් ගමු . ඔයා මොකද ? නිශ්ශබ්ද (බ)
රන්ජිත්, ඔයා හරි. එයාලා කරපුවා කියන්න ගියොත්, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකුත් මදි. (නි)
ඕනෑ වැඩකට අකුල් හෙළන්න බලාගෙන ඉන්න කට්ටියක් කොහෙත් ඉන්න නිසා සමහර අදහස් ගැන නම් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
සෘතියට ගීත ගායනා කල හැකි නව පරපුරක් අපට තියෙනවද !.. නව පරපුරෙන් කියල අගය කිරීමට අපට ඉන්නේ කසුන් කල්හාර පමණයි. අනෙක් අය කරාබු කාරයෝ. ගීතයක් යනු ඝෝෂාවක් නොවේ.එපමණයි කීමට ඇත්තේ. (ම)
අපේ සුබ පැතුම්! (නි)
ගනේවත්ත, සෙනරත් තත්වය මෙසේ නම් ජර්මන් හමුදාවට එක අඩියක් ඉස්සරහට එන්න නොදී බළල්ලු, මීයෝ පවා අහාරයට ගනිමින් අන්තිම හුස්ම ටික දක්වා පැරිසිය රැක ගත්ත ගම්බෙත්තා ඇතුළු රණවිරුවෝ පස් යට සිට කඳුළු සලයි. (බ)
විමල්, ඔයාගේ නාඩගමක් එහෙම ළඟකදී නැද්ද? (නි)
මට පුළුවන්කමක් තිබුණා නම් මමත් යනවා (නි)