ඉන්දියාවේ ඊසාන දිග මනිපූර් ඇතුළු ප්‍රදේශවලට අද උදෑසන ඇතිවූ රිච්ටර් මාපාංකයේ 6.8ක්වූ භූමි කම්පාවෙන් පුද්ගලයින් හත් දෙනකු මිය ගොස් 90 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි නවතම විදෙස් වාර්තා පවසයි.
ඉම්පාල් නගරයේ විදුලිය බිඳ වැටී ඇතැයි කැබිනට් ලේකම් පී.කේ.සිංහා අද පැවසීය.
අසල්වැසි බංග්ලාදේශයටද භූමි කම්පාවෙන් බලපෑම් ඇතිවූ අතර එරට පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයිද තවත් පිරිසක් රෝහල්ගත කර ඇතැයිද විදෙස් වාර්තා කියයි.
විපතින් කලබලයට හා අවතැන් තත්ත්වයට පත්වූ ඩකා වැසියන් එරට වීදිවලට බැස ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. අවුරුදු 23 ක තරුණයකු භූමිකම්පාවෙන් මිය ගිය පුවත අසා තවත් දෙදෙනකු හෘදයාබාධ සෑදී මියගිය බවත් විශ්ව විද්‍යාල සිසුවකු තට්ටු හතරක් උඩ සිට බිමට පැනීම හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති බවත් බීබීසී පුවත් සේවය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd