නේපාල භූමිකම්පාවට හසුව කඩාවැටුනු ගොඩනැගිලි වල සුන්බුන් අතර දිනකට ආසන්න කාලයක් සිරවී සිටි මාස 4 ක බිළිඳකු බේරා ගැනීමට නේපාල ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් සමත්වූහ.
බිළිඳාගේ පවුලේ සාමාජිකයින් දරුවා අතුරදන්ව ඇතැයි කර තිබූ දැනුම් දීමක් අනුව සහන සේවකයන් බිළිඳා සොයාගත් ස්ථානය වෙත පැමිණ මින් පෙර අවස්ථාවකද පරීක්ෂා කර තිබුණද එම අවස්ථාවේදී ඔවුනට බිළිඳා සොයාගැනීමට නොහැකිව තිබේ.
හමුදා භට පිරිසට බිළිඳා හමුව ඇත්තේ ඔවුන් නැවත වරක් එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල නිරතව සිටිද්දීය. බිළිඳා හඬනු ඇසී ඒ ඔස්සේ ගොස් බිළිඳා සොයාගැනීමට ඔවුන්ට හැකිව ඇත. ඔහු හොඳ සුවයෙන් සිටී.
නේපාලය අත්දුටු දරුණුතම ස්වභාවික ආපදාවක් ලෙස සැළකෙන මේ භූකම්පනයෙන් මේ වන විට මියගොස් ඇතැයි වාර්තාවී තිබෙන සංඛ්‍යාව 5000 ඉක්මවයි.සුන්බුන් අතරේ තවත් මළසිරුරු සිරව තිබෙන බව වාර්තා වන අතර ඒ අනුව මේ ගණන තවත් ඉහළ යා හැකිය.
සහන සේවා කටයුතු කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වන්නේ නැතැයි නේපාල රජයට චෝදනා නැගෙමින් පවතී.මෙය මුල්කරගෙන සංවිධානය කෙරුණු විරෝධතා කිහිපයක්ද පසුගිය දිනයේ පැවැත්වින.
නේපාල සහන සේවකයින්ට අමතරව බි‍්‍රතාන්‍යය,ප‍්‍රංශ,ඇමරිකා ආදී රටවල සහන සේවා කණ්ඩායම්ද දිවි ගලවාගැනීමේ හො සහන සැළසීමේ මෙහෙයුම් කටයුතු සදහා එක්ව සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත දරුවෙක් (නි)
දරුවාව දැක්කහම වාසනාවන්ත බව පෙනෙනවා. දරුවාටත් බේරාගත් අයටත් තෙරුවන් සරණයි ! (නි)
පිනේ බලේ! (නි)
බුදු සරණයි පැටියෝ! (නි)
මේ බිලිඳා බේරාගත් සියල්ලන්ටම පින් සිදු වේවා..(ම)
දෙවියන්ට ස්තූති වේවා...! (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! (නි)
දරුවා බේරාගත් අයට පින්වත් දරුවන්ගෙන් අඩුවක් වෙන්න එපා. (නි)