ශ්‍රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය සනිටුහන් කරමින් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිදහස් දින උත්සවයක් සංවිධානය කැරිණි.

බහරේන් හී ශ්‍රී ලංකා තානාපති  සාජ් යූ. මෙන්ඩිස් මහතා ජාතික ධජය එසවීය.ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත්, පොල් තෙල් පහන් දැල්වීම සහ ජාතික නිදහස උදෙසා දිවි දුන් නිදහස් සටනේ සියලුම සෙන්පතියන්, රණකාමීන් සිහිපත් කරමින් ඔවුනට උපහාර පිණිස විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිදහස් දින පණිවිඩය තානාපති ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා  විදේශ අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන්ගේ නිදහස් දින පණිවිඩ කියවුහ. 

උත්සවය ඇමතු මෙන්ඩිස් තානාපතිවරයා "1948 පෙබරවාරි 04 වැනි දා අපට නිදහස ලැබූ දිනයේ පටන් අද දක්වා අපේ රට තිබුණේ කොහෙද, දැන් තිබෙන්නේ කොහෙද, අපිට වැරදුණේ කොහෙද, අපි වරද්දා ගත්තේ කොහෙද, අපි අතහැරියේ මොනවාද, අපිට රැක ගන්නට තිබුණේ මොනවාද" වැනි දේ විස්තරාත්මකව පහදා දෙමින් කතා කළේය. 

කැවුම් කිරිබත් වලින් මෙන්ම ශ්‍රී ලාංකික රසමසවුළු වලින් සපිරි උදැසන තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.

උත්සවය පැවතුණේ බහරේන් දේශයේ වැඩ කරන දිනයක වුවත් තම තමන්ගේ රාජකාරි කටයුතු අතරතුර සේවා ස්ථාන වලින් මොහොතකට හෝ බැහැරව නිදහස් දින උත්සවය සඳහා  එකතුවුණ සියළු දෙනාටම තානාපති සිය ස්තූතිය පුද කළේය.

2[1] 4[1] 5[1] 6[2] image-113da78b94c25036c33fff60e8dbbea650db793e7cc6598a52dbff6f3bd3792f-V[1]