ආජන්ටිනාවේ වයඹ දිග ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ බස් රථයක් පාලමක් මතින් ගඟකට පෙරලීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 41 ක් පමණ මිය යන්නට ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. බස් රථයේ 50 ක පමණ පිරිසක් සිටි බවත් ඉන් වැඩි පිරිසක් ආජන්ටිනා දේශසීමාවේ සේවය කරන පොලිස් නිලධාරීන් බව ද එරට රජය පවසයි.
පාලමෙන් වැටුණු බසය මීටර 20ක් පමණ ප්‍රපාතයකට පෙරැළී ගඟ පතුලේ රැඳී ඇතැයි ද මාධ්‍ය වාර්තාකරයි. බසයේ හිරවී සිටි මගීන් ගලවා ගැනීමට සහන සේවකයන් කටයුතු කරමින් සිටියි. තුවාල ලැබූවන් හය දෙනකු බේරාගැනීමට හැකි වූ බව ඔවුහු කියති. බසයේ ටයරයක් පුපුරායාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි එරට පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd