බ්‍රසීලයේ දකුණුදිග ග්‍රාමීය ප්‍රදේශයක වේල්ලක් මතින් ගමන්කරමින් තිබූ බසයක් අඩි 1000 ට වැඩි ප්‍රපාතයකට පෙරළී 32ක් මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ආගමික කාර්යයකට සහභාගී වීමට ගමන් කරමින් සිටි පිරිසක් බව එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. වංගුවක් ගැනීමේ දී රථයට වේගය පාලනය කරගැනීමට නොහැකි වී පල්ලමට පෙරැලෙන්නට ඇතැයි ද පරීක්ෂණ කණ්ඩායම් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූවන් බේරාගැනීමටත් මියගිය අයගේ සිරුරු සොයා ගැනීමටත් හෙලිකොප්ටර් යානාවල සහය ලබා ගැනීමට සිදුව ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඇමරිකාවේ රථ වාහන අනතුරු වලින් මියයන සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් රිය අනතුරු හේතුවෙන් බ්‍රසීලයේ දී මියයති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු වැලැක්වීමත් උගත යුතු විද්‍යාවක් (නදී)