බොස්ටන්හි මැරතන් තරඟයට බෝම්බ ප්‍රෙෂර් කුකරයක් ඇතුළේ සඟවාගෙන ගෙන ආ බව කියන බෝම්බ කරගේ ඡායාරූප ඇමෙරිකාවේ පෙඩරල් පොලීසිය ඇමෙරිකාවේ මාධ්‍යයට නිකුත් නිකුත් කළේය.
බෝම්බ කරුවන් යැයි සැකකරු දෙදෙනකුගේ ඡායාරූප සමීප රූප දැක්වෙන වීඩියෝවක සටහන් වී ඇතැයි ද, දෙදෙනකු එකා පිටුපක පියවර කිහිපයක් ඉදිරියට යනු එහි සටහන් වී ඇතැයි ද, ඔවුන් එම ප්‍රදේශයේ අයගේ මිතුරන්, නෑයන් අසල්වැසියන් හෝ සගයන් විය හැකියැයිද කියන එෆ්බීඅයි බොස්ටන් පොලිස් නියෝජිත ඩෙස් ලෝරියස් ඔවුන් හදුනා ගැනීමට සහාය පතයි.
ඇමෙරිකා ජනපති බරක් ඔබාමා බොස්ටන් නුවරදී පැවදුවේ බෝම්බකරුවන් වැරදි නගරය තේරාගෙන ඇති බවයි.
‘අපි උඹලා අල්ලා ගන්නවා. උඹලා නීතිය ඉදිරියට පමුණුවනවා.‘යැයි ඔහු කීවේය. මේ සිද්ධියෙන් තිදෙනකු මරුමුවට පත්වී 170ක් තුවාල ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට ඇමෙරිකානුවන්ම වෛර කරන තත්වයට පත්වෙලා අද. ඔවුන්ගේ ක්‍රියා කලාපය ඒ තරම් නින්දිතයි. (නි)
නීතිපතිට දාලා නිදහස් කරයිද දන්නේ නැහැ. (නදී)
මෙහෙම අය ලංකාවෙත් හිටිය 89. කොටි කලෙත් ඒටික. සදරුවන් මැරිලා ඉපදුනාද?.(නදී)
ලංකාවටත් වෙන්නෙ මේකම කමයි.(නදී)
නුවන් ඔයාට ග්‍රීන් කාඩ් ලැබුනොත් ඔයත් යන්න. නමුත් ඇමෙරිකානුවන්ගේ දෙපතුල ලෙව කන්න එපා. පර ගැති වෙන්න එපා. වැඩ කරොත් පඩි ලැබෙයි.(නදී)
මුස්ලිම් අන්තවාදේ කළ බවට සැක කෙරුවා. දැන් රටේ ද්‍රෝහියෝ බව ඔප්පු වුණා. මම නම් වහ බීලා මැරරෙනවා. (නි)
රටක ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව ආර්ථිකය. සුද්දෝ ලෝකය සුරාකාලායි ඔහොම ඉන්නේ අද. ඔය ඩොලර් හම්බකළාට කමක් නැහැ. ඇමෙරිකාවට ගැති වෙන්න එපා. පළමුව මව්බිම. (නි)
දැන් සුද්දෝ මෙහෙ දාලා ගිහින් අවුරුදු 70ටත් කිට්ටුයි.තව කොච්චර කල් ඔය සිංදුව කියන්නද ලැහැත්ති? අපට පස්සේ නිදහස ලබපු රටවල් දැන් තියෙන්නේ කොහේද? මේකටහේතුව කාගේ වරදද කියලා කියන්න ඔයාගේ කොන්ද පන නැත්තේ ඇයි සදරුවන්? (නි)
සදරුවන්, අපේ රට විතරද සුද්දෝ යටත් කර ගත්තේ? සිංගප්පුරුව,කොරියාව,ජපානේ,පෝලන්තේ,බ්‍රසිලේ,එස්ටෝනියා,ඕස්ට්‍රේලියාව... අනේ ආවඩන්න එපා අපේ අයට. අපේ අයගේ කිසිම වරදක් නැහැ. සුද්දෝ තමයි ඔක්කොම කළේ, කියලනේ කියන්න හදන්නේ. (නි)
මාලා, ඔය කොහොම උනත් හදිසි කෝපයට කැපුවට පස්සේ නිසැකවම දුක හිතෙන්න ඇති. නඩුකාරයා පිරිමියෙක් නම් ගොඩ. ගැහැණියක් නම් තීන්දුව බරපතල වේවි.(නදී)
සියල්ලටම වගකිවයුත්තේ රටේ ජනතාවයි. සමහර මන්ත්‍රීලා ලංකාවේ සිතියමකවත් දැකල නැහැ. (නි)
නසාර්, වහ බීලා පන අදිනවද?(නදී)
මේකට සම්බන්ධ මේ දෙන්නා ඇමෙරිකානුවන් නොවේ කියලයි මම නම් කියන්නේ. (නි)
කාලාන්තරයක් තිස්සේ විකුණපු රටේ රොඩු තමයි අද තියෙන්නේ. ඒකට අපි මොනවා කරන්නද? මම ඉපදුනේ 1986. (නි)
ලෝකයේ මිනිස්සු හතර ආකාරයි. එළියෙන් අඳුරට, අඳුරෙන් අඳුරට, එළියෙන් එළියට, අඳුරෙන් එළියට. මම කියන්නේ අපි අඳුරෙන් එළියට යමු. (නි)
ප්‍රනාන්දු ඔයා හරි. මේ දෙන්නා සහෝදරයෝලු. (නි)
ෆර්නැන්ඩෝ, මිනිස්සු විවිධාකාරයි. ඔයාලා වගේ මිනිස්සුන්ට ඕනෑ සල්ලි. නමුත් බැරක් ඔබාමටත් වැඩිය නිදහස් සැපවත් ජීවිත ගතකරන අහිංසක මිනිස්සු ලංකාවේ ඈත පිටිසර ගම්වල පවා අදටත් ජීවත් වෙනවා. (නි)
ෆර්නැන්ඩෝ, ලංකාවේ සමහර මිනිස්සු තමන් සතු සැපත අනුන්ට දන් දී අනුන් සනසා තමන් සැනසුනා. හොරු තක්කඩි ගෙදර යවන එක ජනතාවගේ වැඩක්. (නි)
මේ ලෝකේ දෙයක් දන්නෙ නැතුව අදහස් දාන මෝඩ පණ්ඩිතයෝ කොච්චර ලංකාවේ ඉන්නවද? (නි)
ෆර්නැන්ඩෝ, ඇමෙරිකාවෙ තාක්ෂණය දියුණුයි. අන්‍යන්ට ගරු කරනවා කතා මාලාවකින්. තමන්ට ගැති නොවන ආණ්ඩු පෙරලනවා. යුද්ධ කරනවා.මිලියන ගණන් මිනිස්සු මරනවා.තමන්ගේ ආදායම හොයාගන්නවා.ගෙදර යනවා. (නි)
ෆර්නැන්ඩෝ, ඔයත් ම්ලේච්ච ඇමෙරිකානුවන්ගේ අභිමානවත් කොටස්කරුවෙක්ද? (නි)
ප්‍රසිද්ධ වෙන්න වෙන මොනවා හරි කළොත් මේ දාර්ශනිකයන්ට හොඳයි නේද? වත්තේ ඉඩ තියේ නම් මඤ්ඤොක්කා කොටුවක්වත් හිටවන්න. කොළවත් කන්න පුලුවනි. (නි)
ගහන්න ඕන තැනට ගහන්න සදරුවන්. සුද්දගෙන් ගන්න දේවල් ගොඩක් තියනවා. එක මදි කමක් නම් චිනේ වගේ රටක් ආදර්ශයට ගන්න. මොකක් අදර්ශයට ගත්තත් නැගිට්න්න එක විදියයි තියෙන්නේ. සුද්දට බැනල ආගම ගැන පුරාජේරු කිවම නියම වැරදි කාරයෝ යට යනවා .(නදී)
මානව හිමිකම්ගැන ශ්‍රීලංකාවට නීති දාන ඇමරිකාව ඔයවගේ දේවල් කරන කොට එයාලට මොකුත් කියන්නේ නැහැ. ඇමරිකාවට දැන්වත් ඇස් අරුනොත් හොදයි.(නදී)
අපේ රටට මානව හිමිකම් ගැන නීති දැම්මා. එයාලටත් ඒවගේ දේවල් වෙද්දී එයාලා ත්‍රස්තයින්ව මරණකොට ඒවාට නීති දන්නා කව්රුත් නැහැ. ඔහොම වෙලා මදි.(නදී).
සදරුවන්, මෝඩ කතා නොකියා දෙයක් දැනගෙන කතා කරන්න. මේ කොල්ලෝ දෙන්න රුසියන් දෙන්නෙක් . නොදන්නා දේවල් නොකියා ඉන්න (නි)
එතකොට හරි නගරය මොකක්ද?(නදී)
අල්ලගන්න. හැබැයි ඔබාමා මහත්තයෝ, නඩු දාන්න එපා. පුනරුත්තාපනය කරලා සමාජගත කරන්න. මේ අයගේ මානව හිමිකම් කඩනවා එහෙම නෙමෙයි ඔන්න. (නි)
සදරුවන් හොදයි පණ්ඩිතයි (නු)
ඇමරිකාවෙ පුපුරපු බෝම්බ් වලට මෙහෙ පුපුරවන්න යන්න එපා! ඉවසාගෙන ඉන්න සිද්ධ උනේ මොකක්ද? කලේ කව්රුන්ද දැනගන්නකම්..!(නු)
කිසිම කෙනෙකුට තව කෙනෙකුගේ ජීවිතයකට නියපොතු පාරකින්වත් රිදවීමට අයිතියක් නැහැ..!(නු)
මේ දෙන්න සහෝදරයෝ.රට චෙච්නියාවේ මුස්ලිම් දෙන්නෙක්.හාවඩ් විශ්වවිද්‍යාලයේ ලෝකේ හොදම විශ්වවිද්‍යාලයේ .එකෙන් ඉගන ගන්ට ශිෂ්‍යත්වයකුත් දීලලු මේ දෙන්නට. කන්න දීපු ඇත හප කන අය..!(නු)
නසාර්, වස ටිකක් දෙන්නද? ඊට වැඩිය හොදයි යාළුවේ බඩ කපාගන්න එක. (නි)
ඔය ඇමරිකාවට බනින කටිටිය ග්‍රීන් කාඩ් දීලා බලන්නකෝ මොකද කරන්නේ කියලා. ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව.(නදී)
මානව හිමිකම් කවුන්සිලයේ අයට ඔය බොම්බේ සද්දේ ඇහුනද දන්නේ නැහැ. අපරාදේ අර මැරතන් ක්‍රීඩකයෝ. මගේ කණගාටුව! (නි)
පොලියත් එක්කම හම්බ වෙයි. (නි)
ඇමරිකාව පැත්ත හැරිලා බත් කන්න බය හිතෙන්නම එයාලට සළකන්න කියලයි මම නම් කියන්නේ. (නි)
කීර්තිය, ප්‍රශංශාව, ගෞරවය, සම්මානය හොයා යන ලෝකයේ ඇත්ත එකක් තිබුනොත් බොරුව අනුනවයක් තියෙනවා. (නි)
මගේ පණ්ඩිතකමද? ඔබලාගේ පරගැතිකමද? (නි)
ඇමරිකාවේදී කාටවත් ලංකාවේදී වගේ ඔලුව පාත් කරන්න වෙන්නේ නැහැ සදරුවන්. මෙහෙ පන්ති බේදය නැහැ. නිලදරිවාදය නැහැ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදෙට ජයවේවා! ඇමරිකාවට ජය වේවා! ඇමරිකානුවකු වීම මට මහත් ආඩම්බරයකි.අබිමානයකි. (නි)
තාම පින්තූර සහ විස්තර දැක්කේ නැද්ද ඔයාලා ? (නි)
නසාර්, වස බොන්න වෙලාව හරි (නි)
සදරුවන්, දෙපතුල් ලෙවකන්නේ මෙහෙ අය නෙමෙයි, ලංකාවේ ඉන්න අය. ඒකට කියන්නේ පන්ති බේදේ. (නි)
ලංකාවේ උගත් ජනතාවක් හිටියා නම් නළු නිලියෝ ඔච්චර ඡන්දෙ ඉල්ලයිද? (නි)
මම ඇමෙරිකානු විරෝධියෙක් වුණේ ඔවුන් ලෝකය පුරා මිලියන ගණන් මිනිස්සු මරණ නිසා. අපේ අය 'මේඩ් ඉන් ඇමෙරිකා' කීවොත් අසුචිත් කයි. (නි)
තමන්ගේ රටේ බුද්ධිමත් නායකයෝ පත්කරගන්න ජනතාව දැනගන්න ඕනෑ. හොරු, තක්කඩි, කප්පම්කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ,කුඩු බිස්නස් කාරයෝ,මැරයෝ,බජාර් එකේ චන්ඩි නැතුව. (නි)