ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් ප‍්‍රහාරයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කසක්ස්තාන ජාතිකයන් තිදෙනකු සහ ඇමෙරිකානුවෙකි. ප‍්‍රහාරයට වගකිව යුතු යැයි ඇමෙරිකානු බුද්ධි අංශ චෝදනා කරන සොකාර් සානේව් ඉගෙනුම ලැබූ සරසවියේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් බව හෙළි වී ඇත.
සානේව් සොයුරන්ට ආරක්ෂාව සැපයීම හා පොලිසියට වැරැදි තොරතුරු ලබාදීම මොවුනට එරෙහිව එල්ලවී ඇති චෝදනාය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සොකාර් සානේව් මේ වන විට බන්ධනාගාර ගතකර සිටින අතර ඔහුගේ සොහොයුරු ටැමර්ලන් සානේව් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
මේ අතර ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරවූ චෙච්නියානු සොහොයුරන් දෙදෙනාගේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් අනාවරණය වී නැතැයි ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ රුසියාවේ සිටින සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොස්ටන් ප‍්‍රහාරකයන්ට උදව් කළ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට