ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙන බවත්, ඊට
|
අට හැවිරිදි මාටින් රිචඞ්ස් |
සම්බන්ධ යැයි තමන් විශ්වාස කරන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පවසති.
ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂකයන් වන එෆ්.බී.අයි. පරීක්ෂකයන් පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ බොස්ටන් පොලිසියේ ද සහාය ඇතිවය.
පුපුරා ගොස් ඇත්තේ පීඩන බෝම්බ තුනකි. ඒවා කාල බෝම්බ හෝ සෙලියුලර් දුරකතනවලින් පුපුරුවා හරිනු ලැබූ ඒවා නොවන බව පරීක්ෂකයෝ අනාවරණය කරගෙන ඇත.
එම බෝම්බ පිටේ එල්ලන් යන බෑගවල බහා ඒවා මැරතන් තරගය පැවැත් වුණු බොයිල්ස්ටන් වීදියේ සහ කෙනඩි පුස්තකාලය අසල තබා තිබුණු බව ද පරීක්ෂකයන් විසින් සොයා ගෙන ඇත.
පුපුරා නොගිය බෝම්බ කිහිපයක් ද පොලිසියට හමුවුණු අතර පසුව ඒවා නිෂ්කී‍්‍රය කෙරුණි.
පුපුරා ගිය බෝම්බවල කොටස් සහ ඒවා බහාලූ බෑගයේ දසුන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මැරතන් තරගයේ පටිගත කළ දසුන් පරීක්ෂා කිරීමේ දී බෝම්බ පිපිරී යද්දී එම ස්ථානයෙන් ඉවතට දිව යන තරුණයකු ගැන ආරක්ෂක අංශවල අවදානය යොමු වී ඇත. සැකකටයුතු එම තරුණයා සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.
පරීක්ෂණ කටයුතු සඳහා නරඹන්නන් විසින් පටිගත කළ වීඩියෝ දසුන් ලබා ගැනීමට ද ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන බව වාර්තා වේ. ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී එය ‘ත‍්‍රස්ත ප‍්‍රහාරයක්’ යැයි හදුන්වා දීමට ජනපති ඔබාමා හෝ ආරක්ෂක අංශ හෝ කටයුතු නොකළේය. ඊට හේතුව පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් වී නැති නිසාය. කෙසේ නමුත් ඊයේ වනවිට එය ‘ත‍්‍රස්තප‍්‍රහාරයක්’ යැයි ජනපති ඔබාමා විසින් හඳුන්වා දී තිබුණි.
|
මියගිය තරුණිය ක‍්‍රිස්ටල් කැම්බල් |
බෝම්බ ප‍්‍රහාරයෙන් 150 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් 25 දෙනකුගේ තත්ත්වය තවමත් බරපතළ යැයි පැවැසෙයි.
ප‍්‍රහාරයෙන් මියගිය අය අතර මාටින් රිචඞ්ස් නමැති අට හැවිරිදි පිරිමි ළමයා සහ 29 හැවිරිදි ක‍්‍රිස්ටල් කැම්බල් නමැති තරුණියද සිටිති. පුපුරා ගිය එම බෝම්බ ඇමෙරිකාව තුළ නිපදවන ලද ඒවා යැයි ද ආරක්ෂක අංශ පවසයි. යකඩ බෝල දසත විසිරී යන ආකාරයට නිර්මාණය කළ එම බෝම්බ යකඩ බඩු කඩවලින් මිලදී ගත් ද්‍රව්‍ය යොදා ගෙන නිපදවන්න ඇති බව ද ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
|
බෝම්බ ප‍්‍රහාරය සිදුවූ ස්ථානය පරීක්‍ෂා කරමින් |
|
බෝම්බය පුපුරා යද්දී එම ස්ථානයෙන් පලායන මෙම තරුණයා ගැන ආරක්ෂක අංශ සැක පළකරයි |
|
බෝම්බය පුපුරා යාමට මොහොතකට පෙර |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු රජාණන් වහන්සේ අපට කියා දුන්නේ සැනසීමේ මාර්ගය පමණි. එම මාර්ගයේ ගොස් සැනසෙනවාද නොගොස් වැනසෙනවාද යන්න ඔබ සතු තීරණයක්. (නි)
සුද්දෝ අපේ රට අල්ලලා කලවම් ජාතියක් බිහි කළා. ඔවුන්ගේ පරගැතිකම නැති කරන්න බැහැ. මොනවා කරන්නද සියලු දේ අනිත්‍යයි. (නි)
ඉපදෙනවා, ඉගෙන ගන්නවා, රස්සාවක් කරනවා,අඹු දරුවෝ පෝෂණය කරනවා,මැරිලා යනවා. ඔය ටික විතරද?. (නි)
ඔබාමාගේ ලොකු කතා, ලොකු වැඩ, හෙළ දැකීම, විවේචන කිරීම වෙනයි, අහිංසක ජන ජීවිත නැසීම තරයෙහෙලා දකිනවා, ඉතාමත් පහත් නින්ධිත ක්‍රියාවක්! (ස)
ඇමෙරිකාව දිව්‍යලෝකයක් නෙමෙයි. ඇමෙරිකානුවන්ගෙන් 80%ක් දන්නේ නෑ තමන්ගේ පියා කව්ද කියල. (ස)
සදරුවන්, මට ඔයාගේ පියා ගැන සැකයි (නි)
කොහෙද යන්නේ ඇහුවම මල්ලේ පොල් කියනවලු. විපතකදී කම්පාවන හදවත් නැතිවෙලා. ඉරිසියාවෙන් තණ්හාවෙන් අන්ධ වෙලා ඇන කොටා ගන්නයි බලන්නේ. අනේ ලෝකේ වනේ වාසේ (නි)
අසේල ඔයාගේ නමට දොන් කියලා කෑල්ලක් එනවද? (නි)
අසේල,යම් පුරුෂයෙක් අසුචි වලක වැටී කිළුටු ගාත්‍රව සිටී නම් ඔහු යන මාර්ගයෙහි සත් පියුමින් ලද විලක් හමුවී එයට බැස ස්නානය කොට පිරිසිදු නොවන්නේ නම් පුරුෂයාගේ දෝෂයක් මිස විලෙහි දෝෂයක් නොවන්නේය. (නි)
පුවත් පත් කියවන / ලියන සැම දෙමව් පියන්ට / වැඩි හිටියන්ට නිගරු වන පහත් අසත් පුරුස කතා / පොදු පාටකයන්ට ලිවීමෙන් වැළකීමේ ගුණ දම් වැඩීමට / පුවත් පත් කලාවේ ආචාර ධර්ම අදවත් සිත් හදා ගන්න කියා ආදරයෙන් සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මුතු මෙන් දිමුතු වූ,හොඳ මෙන් සිනිදු වූ,සඳ මෙන් පසිඳු වූ දහම් ගීතයේ සංගීතයෙන් මහපොළොවේ අජීව සජීව සෑම වස්තුවක්ම අජරාමර කරමින් සනහාලූ බුදු බණ අද හිලරි ක්ලින්ටන් පවා අහනවා.ඇයි ඒ?(නු)
හැම විනාඩි දෙකකට වරක් මිනිස් ඝාතනයක් හෝ බලවත් අපරාධයක් සිදුවන එකම රට තමයි ඇමෙරිකාව! ( පුවත් ඇසුරින් ) (නි)
විපතට පත්වුවන්ට සොව පල කරමින් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව අපිත් හඬ නගමු.මිනිසුනේ, මිනිසත් කමට ගරු කරපල්ලා. (නි)
බෝසතානන් වහන්සේ රාජකීය සළු පිලි වෙනුවට දල රෙද්දක් පොරෝවාගෙන පැන් කෙන්ඩියයි අඳුන් දිවි සමයි පෙරහනයි අරගෙන පෑල දොරින් පිටවෙලා ගියේ හරි සැහැල්ලු හිතකින්.හිමව් පියසේ වන දහනේ රුක්සෙවනකට වෙලා ගහක් පල්ලේ වැඩ ඉඳගෙන ලොවම සනසන මානසික සැප ලබාගත්තේ ඇමෙරිකාවේ ගිහිල්ල නෙමෙයි. (ස)
සදරුවන්, අගමුල නැති ඝාතන, හොරුන්ට තානාන්තර, රස්සාවට පිටිපස්සේ යාම, හදට යන කාලෙත් සමබල ආහාර වේලක් නොමැතිකම, දරුවන් විකුණගෙන කෑම, නිතිය වල්වැදීම, වර්ගවාදේ, ආගම්වාදේ, මිනීමැරුම්, අසාධාරණේ, අයුක්තිය ඇමරිකාවේ අඩුයි... (නි)
සදරුවන් ගේ කතා අහල මට හිනත් යනවා. ඔබතුම හරියට චිත්‍රපටි විස්වාස කරනවා වගේ. මහත්තයෝ වාණිජ චිත්‍රපටි විස්වාස කරලා රටක සංස්කෘතිය ගැන තීරණ ගන්න එපා. (ස)
ඔවු ඔවු සඳරුවන් ඕක තමයි කාල් මාක්ස් වුණත් කිවුවේ. ඔය නොදැන කරන්නේ පාලකයන්ගේ හොර තක්කඩි වැඩ වහලා අපි මත් කරන්න ආගම නමැති අබින් පාවිච්චි කිරීම. (නි)
හරි මොන උනත් ලෝක යුද්දයට අත වැනීමක් වගේ කට්ටිය දැන් ඉඳල හිටලා වහලේ ටිකක් බලාගන්ඩ. වෙලාවත් හරියාගෙන එන්නේ .(නදී)
මේකෙන් වෙන්නේ අපි වගේ අයට තවත් වීසා නීති හිර වෙන එක. (නි)
මේකෙන් වෙන්නේ එහෙ යන අහිංසක මිනිස්සුන්ට වීසා නොලැබෙන එක. පුරවැසි නීති තව තව තද වෙන එක. (නි)
මාක්ස්වාදේ තියන්නේ සදරුවන්ලා වගේ අය අගම දුෂිත පාලකයන්ගේ වාසියට යොදවද්දී පාවිච්චි කරන්න තමා (නි)
ශ්රී ලංකාවේ සිවිල් ජනයාට එල් ටී ටී ඊ කොටි කල්ලිය එල්ල කළ ප්‍රහාර ත්‍රස්ත ප්‍රහාර නොවෙයිද? (නි)
ජෝයි ඔයාට තව හිනා යයි මරණය තව තව ලංවෙනකොට. තාම ගොක් කොළ එහෙම හීනෙන් පෙන්නේ නැද්ද.? (ස)
සදරුවන් මිනිස්සු එහෙ යන හේතුව හොයල එක වෙනස් කරන්න.මාක්ස් ආගම අබින් කිවේ ඔයාලා කියන ඔය වගේ කතා නිසා. (ස)
දොන් කියන්නේ පෘතුගීසි. (නි)
ලෝකයේ උතුමන් හිටියා. ඔවුන් අතරින් නොයෙක් දෙනා නොයෙක් විෂයන්ට විශාරදයි (නි)
ලෝක සාමය සදාකාලිකව පැවතීමට නම් , මිනිසාගේ සිත හැදිය යුතුයි. එය කළ හැක්කේ ආගමික නායකයන්ට මිස දේශපාලකයන්ට නොවෙයි (නි)
සඳරුවන් , පාලකයන්ගේ වැරදි වහන්න හොදට ආගම පාවිච්චි කරනවා නේද? මිනිස්සු එහෙ යන්නේ ආසාවට නෙමෙයි. 21 වැනි ශතවර්ෂයේත් අපිට සමබල ආහර වේලක්,සාධාරන නීතියක් නැතිකම වගේ ප්‍රශ්න නිසා. (නි)
එහෙහ් දිව්‍ය ලෝකයක් නෙමෙයි තමයි. නමුත් සාධාරන නිතිය, ආත්ම අභිමානය, මානව හිමිකම් හරි ඉහළයි. රස්සාවට පිටිපස්සෙන් යාම්,දේශපාලන පත්වීම් නැහැ සදරුවන්. (නි)
ලංකාව ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටය නොවුනා නම් අපිත් ලංකාවෙන් යන්නේ නැහැ. මොකක් වුණත් දැන් ඇමරිකාවේ ඉන්න ලංකාවේ අයගේ රට ඇමරිකාව. (නි)
සදරුවන්, භාවනා කරන්න ඉස්සෙල්ලා බඩට මොනවා හරි දාගන්න කියලා බනේ කියනවා. 21 වැනි ශතවර්ෂයේත් ලංකාවේ මන්දපෝෂණේ. (නි)
ආගම ඉස්සරහට දාගන අපේ අයගේ වැරදි වහන සදරුවන්ලා වගේ අය තේරුම් ගන්න මිනිහෙක් රටක් අතඇරල යන්න ගන්න තීරණේ සුළුපටු එකක් නෙවේ.එතනට මිනිස්සු තල්ලු කරන හේතුව ආර්ථික ප්‍රශ්ණම පමණක් නෙවේ.(නු)
සදරුවන් කියන විදියට අපි ඉන්දියාවේ යමු. (නි)
මනුස්සයෙක් රටක් අත්හැරලා යන්න ගන්න තීරණේ සුළුපටු එකක් නෙමෙයි. ඒ ආර්ථික ප්‍රශ්න නිසා පමණක් නෙමෙයි. ඇමරිකාවේ ඉන්න ලංකාවේ අයගේ දැන් රට ඇමරිකාව. (නි)
අපේ රටෙත් නීති විරෝධී ගබ්සා 1000ක් දිනකට කරනවා. සදරුවන් දන්නේ නැද්ද? (නි)
සදරුවන්, කලබල වෙන්න එපා. මේ තීරුවට ලියන බොහෝ දෙනා සිහින ලෝකවල ජීවත්වෙන අයයි. ඇත්තට තැනක් නැත. බොරුව මුලාව ඇමරිකන් ක්‍රමයයි. මුට්ට කරගසන අය සහ මේ අය අතර වැඩි වෙනසක් නැහැ. එම නිසා ඔබ ලියනා අදහස්වලට දක්වා ඇති ප්‍රතිචාර වලින්ම මා ඉහත කී අයට සමාන බව මනාවට ඔප්පු වෙනවා නේද? (නි)
පාල,ඔබට වැරදිලා. ඒ ලියා ඇති දේවල් සියල්ලම ඇමරිකාවේ වැඩියි. පාල, ඇමරිකාව වැනි විශාල රටක දවසකට සිදුවන දූෂණ අපරාධ අතරින් අපට දැනගත හැක්කේ සියයට දශම එකක් වැනි සුලු ප්‍රමාණයකි. එයිනුත් අපට පෙනෙන්නේ ලෝක අපරාධ පමණයි. ඔබට සියලු අපරාධ දැනගන්ට නම් පැය විසි හතර කියවලාවත් බැරි වේවි. (නි)
සදරුවන්, අවුරුද්දට බීපුවා තාම වැඩද? (නි)
ත්‍රස්තවාදේ කොහෙත් එකයි. විපතට පත්වූවන්ට අපේ සාතිශය සංවේගය. දුටු තැන වෙහෙස නොබලා ත්‍රස්තවාදේ විනාස කරන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි. (නි)
ඉතා අවාසනාවන්ත සිදුවීමක්. මගේ බලවත් ශෝකය ප්‍රකාශකර සිටිමි.. එය අප කම්පා විය යුතු සිදුවීමකි.(ස)