
ඇමෙරිකාවේ රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ආපසු බ්‍රසීලයට යවන්නැයි ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බලපෑම් එල්ල වී තිබේ.
බොල්සොනාරෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා බලා පැමිණියේ පසුගිය දෙසැම්බර් මස ආරම්භයේදීය. බොල්සොනාරෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකි.
ඩොනල්ඞ් ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයකු වන අතර, රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝ දෙනාගේ සහාය බොල්සොනාරෝට හිමිවෙයි. ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන්වරුන් සතුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd