
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
පාකිස්තාන රජය පැහැදිලි කර ඇත්තේ, පාකිස්තානය ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික ආරක්ෂාවට බවත් ඊට විරෝධය පළ කිරීමට ඇමෙරිකාව පියවර ගැනීම තමන්ගේ කනස්සල්ලට හේතුවක් බවය.
ඇමෙරිකාව මෙසේ පාකිස්තාන මිසයිල වැඩසටහනට සම්බාධක පැනැවීම් කර ඇත්තේ, එම මිසයිල වැඩසටහන කලාපීය ආරක්ෂාවටත් ගෝලීය ආරක්ෂාවටත් තර්ජනයක් බව පැහැදිලි කරමිනි.
කෙසේ නමුත් පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර ඇත්තේ, ‘ඇමෙරිකාව තම මිසයිල වැඩසටහනට විරෝධය පළ කිරීම කලාපීය ආරක්ෂාවටත් ගෝලීය ආරක්ෂාවටත් තර්ජනයක් වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd