බ්‍රිතාන්‍ය අපරාධ පිලිබඳ ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු 13 ක් වන  ලාබාල වයසේ  පිරිමි ලමයෙක් මිනීමැරුමකට චෝදනා ලබා ඇත.

නීතිමය හේතූන් මත නම සඳහන් කිරීමට නොහැකි මෙම ගැටවරයා චෝදනා ලබා ඇත්තේ වයස අවුරුදු 39 ක් වූ මාර්ක් තෝමස් නැමැති පුද්ගලයෙක් පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙනි. මේ බාලවයස්කාර දරුවා තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර විම්බ්ලෙඩන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තෝමස් මහතාගේ  බරපතල තුවාල සහිත සිරුර  ඔහුගේ නිවස පිහිටි නිරිත දිග ලංඩනයේ රොහෙම්ටන් වල තිබි පොලීසිය සහ විසින් අප්‍රේල් 22 සොයාගනු ලැබීය.

පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවී ඇත්තේ තෝමස් ට එල්ල කරණ ලද පිහිපාරවලින් පෙනහලු වලට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ලේවහනය වීමෙන් මරණයට සිදුවී ඇති බවයි.

වයස අවුරුදු 13 ගැටවරයාට අමතරව වයස 15 ක ළමයෙකුද  මෙම මිනීමැරුම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි. එයට අමතරව  තවත් 17 හැවිරිදි තරුණයෙක් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පසුව ඇප පිට නිදහස් කර තිබේ.