මධ්‍යම බොලීවියාවේ පැඩිලා නගරයට ආසන්න ගම්මානයක ඇති දහස් ගණනක් වූ පොසිල තට්ටු විනාශ වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. වර්ෂාව හා සුළඟ හේතුවෙන් පස්තට්ටු සෝදායාමෙන් පසු මතුවී ඇති මේ පොසිල තවදුරටත් විනාශයෙන් වළක්වා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයැයි පර්යේෂකයෝ කියති.
මේ ආසන්නයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 70 ක් හඳුනාගෙන ඇත. හමුවන ෆොසිල අතර වත්මන් අලි ඇතුන්ට බොහෝ සෙයින් සමීප මුතුන් මිත්තන් සේ සැලකෙන මැස්ටොඩොන් හා කැබැල්ලාවට සමීප ඥාතීත්වයක් දක්වන ග්ලැප්ටොඩොන්ට්ස් නමැති සත්වයාගේ පොසිලි රැසක් හමුවී ඇත.
මෙම ස්ථානයට නුදුරින් පිහිටා ඇති ප්‍රථමික විද්‍යාලයේ තාක්ෂණික ගුරුවරයෙක් වන ජුවන් කාලොස් එස්පඩා විසින් මෙතැන් හමුවූ අස්ථිකොටස් එකතු කර මැලියම් මගින් එකලස් කර තිබේ.
ඔහුට පාෂාණිභූත විද්‍යාව පිලිබඳව පළපුරුද්දක් හෝ දැනුමත් නැතත් එකලස් කරණ ලද කොටස් එරට සංචාරක මණ්ඩලය මගින් කෞතුකාගාරයක තැන්පත් කරනු ලැබ ඇත.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ බොලීවියාවේ මෙවැනි ෆොසිල සහිත ස්ථාන රැසක් දක්නට ලැබෙන බවයි. පාශාණීභූත සත්ත්ව අස්ථි සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පර්යේෂණයේ නිරතව සිටි මඩිනා ස්වෝර්ඩ් පවසන්නේ දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලම පොසිල තැනපතුව මේ ප්‍රදේශයෙන් හමුවන බවයි.
මල් සහිත ශාඛ හෙවත් සපුස්ක ශාක ඇතිවූ අදින් වසර ලක්ෂ 650ට පෙර යුගයේ සිට වසර 12,000 දක්වා අවසන් අයිස් යුගය තෙක් වූ ෆොසිල මේ ස්ථානයෙන් හඳුනාගෙන තිබේ.
අනාරක්ෂිතව පැවති මේ ෆොසිලවල වටිනාකම නොදත් දුප්පත් ගැමියන් විසින් මේවා කඩා විකිණීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පර්යේෂකයන් පවසන්නේ ඩයිනෝසරයන්ගේ පාද සළකුණු 6000ට වැඩි ප්‍රමාණයක් මෙතැනින් හමුව ඇති බවයි.
මේ ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කිරීමට විද්‍යාඥයන් උත්සාහයක යෙදී ඇතත් එහි ඇති අනාරක්ෂිත බව ද එවැනි කාර්යයකට ගටළුවක්ව පවතී.
2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2177
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලීවියාව ෆොසිල ආකරයකි
රාජුන් Thursday, 02 October 2014 11:26 AM
ලංකාවේ කොහෙවත්ම තාම ෆොසිල හමුවෙලා නැතිද? (ස)