බොලීවියාවේ මාස කිහිපයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රාන්ත තුනක පාසල් වාර්ෂික නිවාඩුවට සති දෙකකට පෙර වැසීමට සිදුවූ බව වාර්තා වෙයි. නගරයෙන් ලැබෙන ජල සැපයුම නොමැතිව සති තුනක් පාසල් පැවැත් වූ බව පාසැල් අධ්‍යක්ෂකවරයා පවසයි.

ලා පාස් නගරයට ජලය සපයන ප්‍රධාන ජලාශ තුනම සිඳී ගොස් ඇති අතර නගර වැසියන්ට දින තුනකට වරක් ජලය සලාක ක්‍රමයට නිකුත් කෙරේ. එම ජල ප්‍රමාණය පානය කිරීමට පමණත් ප්‍රමාණවත් බව වැසියෝ පවසති.

නියඟයෙන් 125,000ක පමණ පිරිසක් පීඩාවට පත් වී ඇත. ජනාධිපති ඉවෝ මොරාලේස් විසින් රටපුරා හදිසි තත්ත්වයක්  ද ප්‍රකාශයට පත්කර ඇත.

පවතින අවදානම් තත්ත්වයට විසඳුම් සෙවීමට ජල කැබිනට්ටුවක් ද පත්කර ඇති අතර විදේශ සමාගම් වලට ජල ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.

_92615324_hi036519081 _92615327_hi036466916 _92615329_hi036530473