බොලිවියාවේ ගිණිකොණදිග ට්‍රිනිඩෑඩ් ආසන්නයේ දී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 06දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ස්පාඤ්ඤ පුරවැසියන් සිව් දෙනකු සහ ගුවන් නියමුවන් දෙදෙනා මෙම අනතුරින් මියගිය බව එරට ගුවන් හමුදාව පවසයි.
සැන්ටා කෲස් වෙත මගීන් ගෙනයන යානයක් මෙලෙස කඩා වැටී ඇති අතර කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පෙරළා තම රටවලට යන පිරිසක් යානයේ ගමන් කර ඇත.
වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස මේ වනවිට බොලිවියාවේ දේශසීමා වසා දමා තිබේ.
එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් යානය කඩා වැටී ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
බොලිවියානු ගුවන් හමුදාව පවසන්නේ සිද්ධිය සම්බන්දව විමර්ශනය කරමින් පවතින බවයි.
බොලිවියාවේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 1 470ක් වාර්තා වි ඇති අතර මරණ 71ක් සිදුවී තිබේ.
රෝගීන් 159දෙනකු සුවය ලබා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලිවියාවේ ගුවන් අනතුරකින් 06ක් මරුට