බොලීවියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වන රොඩොල්ෆෝ ඉලෑන්ස් පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු ලා පාස් හි පැන්ඩුරෝහි මාර්ග තදබදයක් අතරතුර රොඩොල්ෆෝ සහ ඔහුගේ ආරක්ෂකයා බ්‍රහස්පතින්දා (25) පැහැරගනු ලැබූහ.
අභ්‍යන්තර කටයුතු ඇමැති කාලොස් රොමේරෝ පැවසූයේ රොඩොල්ෆෝ මිය ගොස් ඇති බවට සියලු සලකුණු ඇති බවයි.
බොලිවියාවේ වර්ජනයක නිරතව සිටි පතල් සේවකයින් විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි කියති. පොලිසිය සමග ඇතිවූ ගැටුම්වලදී පතල් සේවකයන් දෙදෙනකුද වෙඩි වැදී මියගොස් ඇතැයි වාර්තාවේ.
අඟහරුවාදා සිට පතල් සේවකයෝ පැන්ඩුරෝහි අධිවේගී මාර්ගය අවහිර කර විරෝධයේ නිරතව සිටිති.
ඔවුන් විසින් නියෝජ්‍ය ඇමැතිවරයා පැහැර ගනු ලැබූ පසු පොලිසිය ඊට මැදිහත්වීමත් සමග ඔහු මරා දමා ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd