IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බල්ලෝ හාම්පුතාට අවසන් ගෞරව දක්වති

271F2A6D00000578-3017369-image-a-46_1427675438272 271F2A7100000578-3017369-image-a-41_1427675406729 271F2A8100000578-3017369-image-a-48_1427675469870 271F2A8900000578-3017369-image-a-47_1427675453696 271F2A9900000578-3017369-image-m-45_1427675430308

මෙක්සිකෝ ජාතික මාර්ගරිටා සුවාරෙස්ගේ කරුණාවන්තකම ගැන නොදන්නා කෙනෙක් මෙක්සිකෝවේ මේරීඩා ප‍්‍රදේශයේ නොසිටි තරම්ය.

ලද දෙයින් සතුටු වු ඇය හැකි සෑම අවස්ථාවකම අන් අයට උපකාර කළාය.සතුන්ටත් ඇය ආදරය දැක්වූවාය. නිවසට එන අයාලේ යන බල්ලන් බළලූන් ගේ කුසගිනි නිවීමට ඇය සෑම විටම කටයුතු කළාය.

අවාසනාවන්ත ලෙස ඇය පසුගියදා මියගියාය.ඇයගේ දේහය ප‍්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කැරුණේ හිතවතුන්ගේ සෝසුසුම් මැදය.

එක්වනම බල්ලෙක් මල් ශාලාවට ඇතුළු විය.මාර්ගරිටා සැතපෙමින් සිටි පෙට්ටිය දෙස බලා සිටි ඔහු ඒ අසලින් බිම වැතිරුණේය.තවත් බල්ලෙක් ඇතුළු විය.එකා පසු පස එකා බල්ලන් පෝලිමක්ම මල් ශාලාවට ඇතුළුවූවේය.

 

බිම වැතිරුණු ඔවුහු හිස් බැල්මෙන් බලා සිටියහ.මේ සිදුවන්නේ කුමක්දැයි පුදුමයෙන් බලා සිටි මාර්ගරිටාගේ හිතවතුන්ට මේ සතුන් කවුරුන්දැයි තේරුම් ගියේ පසුවය.ඔවුන් මාර්ගරිටා ජීවත්ව සිටි සමයේ ඇය ආදරයට කරුණාවට ලක්ව සිටියෝ වූහ.

මාර්ගරිටාගේ දේහය ආදාහනාගාරයට ගෙන යන අවස්ථාවේ එම රිය පෙරහැරට පසුපසින්ද මෙම සතුන් ගමන් කළේය.ඔවුන් විසිර ගියේ ආදාහනාගාරයේ දුම් කවුලූවෙන් දුම් වළලූ නැගෙන්නට ගත් විටය.

මිනිසෙකුගේ කරුණාවන්තකම මිනිසුන්ටත් වඩා හොදින් සතුන් හදුනනවා යැයි මාර්ගරිටාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියෝ ඔවුනොවුන් අතර කතාවනවා ඇසුණි.

 



අදහස් (20)

බල්ලෝ හාම්පුතාට අවසන් ගෞරව දක්වති

දුමින්ද Wednesday, 01 April 2015 04:25 AM

තිරිසන් ගති ගුණ උතුම් වේ. නුගුණ ඇති මිනිසුන්ට වඩා. (ස)

:       0       0

ප්‍රේම් Wednesday, 01 April 2015 04:45 AM

අනේ සුමුදු හේවා නොදුටු මොක්පුර ! (බ)

:       0       1

සුමුදු හේවා Tuesday, 31 March 2015 05:40 AM

තිලක් මේ ඇත්තටම ඔයාද? හරි පුදුමයිනේ ඔයා එහෙනම් කෙලෙහිගුණ කියලා දෙයක් තියෙන බව දන්නවා! මෙතන බොහොම දෙනෙක් මහත් අභිරුචියකින් බල්ලන්ගේ කෙලෙහිගුණ ගැන කතා කරනවා. එහෙත් මොවුන් රටක ගිනි නිවූ නායකයා කෙරෙහි අපමණ ක්‍රෝධයකින් යුතුව එතුමාට දොස් නගන හැටි දැක්කනම් බල්ලොත් බත් කන එකක් නැහැ. මේ අයගේ හැසිරීම එපමණටම ගුණමකුයි. මිනිස්කමට තරම් නොවෙයි. (ස)

:       0       0

රජින්ද Monday, 30 March 2015 03:08 PM

මේ අහිංසක සත්වයින්ගේ කරුණාව හා වටහාගැනීමේ ඉව නිසයි නිරන්තරයෙන්ම මිනිසාගේ හොඳම මිතුරා වන්නේ. (නි)

:       0       0

ප්‍රෙම් Tuesday, 31 March 2015 08:19 AM

සුමුදු හේවා මොනවාද මේ කෙලෙහිගුණ ගැන කතා කරන්නේ. රටක ගිනි නිවූ නායකයා ගිනි නිවන්න උදව් කරපු නායකයන්ට කරපු කෙලෙහිගුණ වල තරම සහ රට දූෂණය කිරීම ගැන දන්නා නිසා තමයි බහුතර බුද්ධිමත් ජනතාව එයාව කුණු බක්කියට දැම්මේ! දැන්වත් යථාර්තය තේරුම් ගන්න උත්සහ කරන්න. (ස)

:       0       0

අතුල Monday, 30 March 2015 08:01 PM

බල්ලාගේ කළගුණ සැළකීම මොනවට පෙන්වන සිදුවීමක්. (නි)

:       0       0

සමන් Tuesday, 31 March 2015 10:13 PM

සුමුදු හේවා , ඔයාට මේ ලංකාවේ පළමු වතාවට මහජනයාගෙන් ප්‍රතික්ෂේප වුණ දේශපාලකයෙක් ගැන තිබෙන කැක්කුමක්..? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 10:58 PM

ප්‍රේම් කියන්නේ කවුරු ගැනද? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 31 March 2015 11:04 PM

හිටපු ජනපතිතුමාගේ නම ඉතිහාසයේ වගේම ජන හදවත් වලත් රන් අකුරින් ලියැවෙන බවත් දන්නා නිසා තමයි සමහරුන්ට මහින්ද භීතිකාව හැදිලා තියෙන්නේ. ඔය කියන බහුතර බුද්ධිමත් ජනතාවගෙන් කොටසකටත් තමන් බොරු ප්‍රචාර වලින් මුළාවී කළ වරද මේවනවිට වැටහිලයි තියෙන්නේ. මහා ඡන්දයක් ආවහම ඔයාටම බලාගන්න පුළුවන්. (නි)

:       0       0

ඇසළ Tuesday, 31 March 2015 10:16 AM

අපි දැන දැනම විශාල වරදක් කරන්නේ මිනිස්සු වශයෙන් දැන් කරන දේවල් දැක්කම බල්ලට මිනිසා කියත් මිනිසාට බල්ලා කියත් අමතන්න ඕනේ යුගයක් මේක. (ම)

:       0       0

ජනහිත Monday, 30 March 2015 10:22 PM

සමහර වෙලාවට මිනුසුන්ට අපි කියනවා තිරුසනුන් කියලා. බලන්න තිරිසනා කොයිතරම් තමන්ට සළකපු කෙනාට ගරු කරනවද කියලා. ඇයි අපි එහෙම නැත්තේ. (නි)

:       0       0

මිනිපෙ Wednesday, 01 April 2015 01:42 AM

මේ බල්ලෝ රැල, උන්ට පුරුදු ගෙදර,සීතලේ නිදාගෙන ඉන්නවා.මොකද්ද බොලේ මේකේ තියෙන අරුමය?.බල්ලෝ දැනගෙන කෙලෙහිගුණ සලකනවා නොවේ.සර්කස් දැකල තියෙනවද?.සෑම බලු ක්‍රියාවකට පස්සේ මොනවහරි කටට දානවා. කරුණාකර මිනිසුන්ව හා බල්ලන්ව සංසන්දනය නොකරන්න. (ස)

:       0       0

සමන් Monday, 30 March 2015 11:46 PM

බල්ලන්ට තිබෙන කෙළෙහිගුණ ගොඩක් මිනිස්සු ළඟ නැහැ. බල්ලන්ගේ ළඟ තම ස්වාමියාට තිබෙන ආදරය දෙමාපියන් දරුවන්ට දක්වන ආදරයට බොහොම සමාන වෙනවා. මොකද දෙමාපියන්ගේ ආදරයට කිසිම සීමාවක් නීතියක් රෙගුලාසියක් බැඳිලා නැහැ. ඒ ආදරය කිසිම දෙයකින් බිඳින්න බැහැ. ඒ වගේම තමා බල්ලා තම ස්වාමියාට කරන ආදරය. කවදාකවත් බිඳින්න බැහැ.එහෙත් අපේ සමහර මිනිස්සු ආදරය කියන්නේ උදේට ඇතිවෙලා හවසට නැතිවෙන දෙයකට. මම කියන දෙයට එකඟ වෙන්න බැරිනම් කරුණාකරලා බල්ලෙක් ඇතිකරලා බලන්න. ඔයාලටම ඒ දේ තේරුම් යනවා නිසැකවම. (නි)

:       0       0

කුමාරි Monday, 30 March 2015 11:22 AM

ඒක සම්පුර්ණ ඇත්ත. ගොඩාක් මිනිස්සු කෙලෙහි ගුනේ දන්නේ නැහැ.(නදී)

:       0       0

දිනුෂ Monday, 30 March 2015 12:13 PM

කන්න දුන්නොත් නැට්ට වනන්නේ බල්ලෝ විතරයි (නි)

:       0       0

සෙලිනා Tuesday, 31 March 2015 02:05 PM

සුමුදු මම කියන්න හිතුව දේ ඔයා ලියල., කෙලෙහි ගුණයක් කියල දෙයක් දන්නෙම නැති මිනිස්සු ඉන්න එකම රට තමයි ලංකාව (ත)

:       0       0

තිලක් Monday, 30 March 2015 12:22 PM

අවුරුදු තිහකට විතර ඉස්සර අවිස්සාවේල්ල සීතාවක නගරයේ යාචක කාන්තාවක් සිටියා. ඇය සමඟ බැල්ලියක්ද සිටියා. යාචක කාන්තාව මියගිය පසු නගරවාසීන් එක්ව පොදු සුසාන භුමියේ මිහිදන් කළා. බැල්ල එම වළ මත මියයනතුරුම නොකා නොබී වැතිර සිටියා. කොතෙක් කෑම බීම දුන්නත් ඔලුව උස්සලා බැලුවේවත් නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 March 2015 12:25 PM

අපේ රටෙත් සමහර මිනිසුන්ට ගන්න තිබෙන වටිනා කියන ආදර්ශයක් ! (නි)

:       0       0

සම්පත් Tuesday, 31 March 2015 02:23 PM

අසනීප වෙලා ලෙඩ ඇදේට වැටුනම ළඟ ඉන්නේ බළලා විතරයි. දුවල පුතාල . බලන්නේ කීයෙන් කීදෙනාද. බලල කියන සතා එහෙම නම් ජීවිත කාලයම ළඟට වෙලා ඉන්නවා. ඒ කලගුණ තේරෙන නිසා (බ)

:       0       0

හංසනී Saturday, 15 May 2021 10:33 AM

ඇත්තටම දුකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site