බලයෙන් නෙරපා දැමුණු බංග්ලාදේශයේ හිටපු අග්රාිමාත්යය ෂෙයික් හසීනාට මරණ දඬුවම ලබා දෙන ලෙස එරට නීතිපතිවරුන් ඉල්ලා ඇත. ඒ, ශිෂ්යි විරෝධතා උත්සන්න වෙද්දී, විරෝධතා මර්දනයට පොලිසියත් හමුදාවත් යෙදවීමෙන්, විරෝධතාකරුවන් මරණයට පත්වීම මුල්කර ගනිමිනි.
ශිෂ්‍ය විරෝධතා උත්සන්න වෙද්දී, ධුරය අතහැර ෂෙයික් හසීනා අසල්වැසි ඉන්දියාවට බලා ගිය අතර, මේ වනවිට ඇය ඉන්දියාවේ රැකවරණය ලැබ සිටී.
විරෝධතා උත්සන්න වෙද්දී, කලහකාරී සිසුන්ට ‘වෙඩි තියන්න’ යැයි ෂෙයික් හසීනා නියෝග කළ බව දැක්වෙන හඬ පටයක් මුල්කොට ගනිමින්, ඇයට මෙසේ චෝදනා එල්ල වී ඇතැයි ද පැවැසෙයි.
මේ වනවිට ෂෙයික් හසීනා නොමැතිව, ඇයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙයි. ඒ ඇයට එරෙහිව මනුෂ්යවත්වයට එරෙහි අපරාධ චෝදනා යටතේය. කෙසේ නමුත් ෂෙයික් හසීනා ඇයට එරෙහිව එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ෂෙයික් හසීනාගේ වසර 15 ක පාලනයේ අවසන් සති කීපයේ හටගත් විරෝධතා හේතුවෙන්, 1,400 දෙනෙක් මිය ගියහ. 1971 පැවැති නිදහස් යුද්ධයෙන් පසු බංග්ලාදේශයේ ඇති වූ දරුණුතම ප්ර චණ්ඩ ක්රිසයා ලෙස මෙය සැලකෙයි.
ප්‍රධානි නීතිපති තජුල් ඉස්ලාම් අධිකරණය හමුවේ ප්රරකාශ කළේ හසීනා, 1400 දෙනකුග් මරණවලට වගකිව යුතු බවත්, අවම වශයෙන් ඒ එක් කෙනකු වෙනුවෙන් හෝ ඇයට මරණ දඩුවම හිමිවිය යුතු බවත්ය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බලයෙන් නෙරපූ ෂෙයික් හසීනාට මරණ දඬුවම ඉල්ලයි