IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බිලියන 5 ක් වටිනා ග්‍රහකයක්

ඇමෙරිකන් ඩොලර් බිලියන 5 කට වඩා වටිනා, ඉතා දුර්ලභ ලෝහවලින් සමන්විත, මීටර් 330 ක් පළලැති යෝධ ග්‍රහකයක් පසුගිය සති අන්තයේ පෘථිවිය අසලින් ගමන් කළේය. ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වූයේ නම්, එය පෘථිවියේ හැපී මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

මේ දැවැන්ත ග්‍රහකය නම් කර ඇත්තේ 'නෙරියාස් 4660' යනුවෙනි. ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරන බව කල් තියා යුරෝපා තාරකා විද්‍යාඥයන් මාධ්‍ය වෙත පවසා තිබුණි. ඔවුන් පවසා තිබුණේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුලුනටත් වඩා විශාල ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවය. අයිෆල් කුලුනේ උස මීටර් 324 කි.‍

ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කළේ පසුගිය 11 වැනිදාය. ග්‍රහකය ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.9 ක් දුරිනි. 'නෙරියාස් 4660' ග්‍රහකය පළමුවෙන් හඳුනා ගනු ලැබුවේ 1982 වසරේදී තාරකා විද්‍යාඥවරියක වූ ආචාර්ය එලිනෝර් හෙලින් (1932–2009) විසිනි. පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රහ වස්තූ පළමු වරට අධ්‍යයනය කළ තාරකා විද්‍යාඥයන්ගෙන් කෙනකු වන්නේ මැයයි.

සෑම ශත වර්ෂයකටම වරක් 'නෙරියාස් 4660' ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරයි. එහි ගමන් මඟ දිනෙන් දින පෘථිවයට ළං වන බව ගණනය කිරීම් අනුව තාරකා විද්‍යාඥයන් තහවුරු කර ගෙන ඇත. වසර 2060 දී 'නෙරියාස් 4660' ග්‍රහකය ගමන් කරනු ඇතැයි පැවැසෙන්නේ පෘථිවියේ සිට කි.මී. 23,688 ක් දුරිනි.

ග්‍රහකය පෘථිවිය පසු කර යන්නේ පැයට කිලෝ මීටර් 23,688 ක වේගයකිනි. වෙනත් ග්‍රහක සමඟ සන්සන්දනය කරද්දී මෙය ඉතා අඩු වේගයක් යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

විශ්වය ආරම්භයේ දී සිදුවුණු පිපිරිම් සහ හැල හැප්පීම් නිසා නිර්මාණය වූ ග්‍රහකයක් ලෙස 'නෙරියාස් 4660' සැලකෙයි. බිත්තරයක හැඩය ගත් මෙම ග්‍රහකය නිර්මාණය වී ඇත්තේ දුර්ලභ ලෝහවලින් බව අනාවරණය කර ගැණුනේ 2009 වසරේ දීය. මේ වනවිට තාරකා විද්‍යාඥයන් ග්‍රහක ලක්ෂ 6 කට වැඩි ගණනක් හඳුනා ගෙන ඇති නමුත්, ඒ සියල්ලටම වඩා 'නෙරියාස් 4660' ග්‍රහකය ඉහළ වටිනාකමකින් යුක්ත බව පැවැසෙයි.

මේ වනවිට ඇමෙරිකාවේ නාසා ආයතය මෙන්ම ජපාන අභ්‍යවකාශ ආයතනය ග්‍රහක ගවේෂණය ආරම්භ කර තිබේ. පසුගිය දා නාසා ආයතනය 'ඩාර්ට්' නමින් සුවිශේෂී මෙහෙයුමක් ආරම්භ කළේය. 'ඩාර්ට්' මෙහෙයුම යටතේ රොබෝ යානයක් ඈත ග්‍රහකයක් වෙත යැවීම සිදුවිය. යානය ග්‍රහකයට ළං වනු ඇත්තේ ලබන 2022 වසර අවසානයේදීය. රොබෝ යානය ග්‍රහකයේ හැපීමට සැලැස්වීම මෙහෙයුමේ අරමුණයි. විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ එසේ යානය හැපෙන්න සලස්වා ග්‍රහකයේ මඟ වෙනස් කිරීමටය.

ඒ අනුව, අනාගතයේ දිනෙක පෘථිවියේ හැපීමට පැමිණෙන ග්‍රහක ගමන් මඟ වෙනස් කර වෙනත් මඟකට යොමු කිරීමට නාසා විද්‍යාඥයන් මේ වනවිටත් සැලැසුම් සකස් කර තිබේ.

විද්‍යාඥයන් පමණක් නොව, ලොව ප්‍රධාන පෙළේ බිලියනපති ව්‍යාපාරිකයන් 'නෙරියාස් 4660' ග්‍රහකය ගැන විශේෂ උනන්දුවක් දක්වයි. ග්‍රහකය යළි පැමිණෙද්දී එය කැණීම් කර දුර්ලභ ලෝහ එක් රැස් කර ගැනීමට ඔවුහු උනන්දු වෙති.

(රොයිටර්)



අදහස් (0)

බිලියන 5 ක් වටිනා ග්‍රහකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site