දිය මත පාවෙන ප්ලාස්ටික් බෝල යොදාගෙන ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පිහිටි ලොස් ඇන්ජලිස් ජලාශයේ ජලය රැකගැනීමේ උත්සාහයක ඇමරිකා බළධරයෝ යෙදී සිටිති.

අක්කර 75 ක් පමණ වපසරියක පැතිරෙන ලොස් ඇන්ජලිස් ජලාශයේ මතුපිට මේ වන විට තිබෙනුයේ මෙවන් ප්ලාස්ටික් බෝල ලක්ෂ 960 කින් සම්පූර්ණයෙන්ම වැසී තිබිණි. බෝල සමූහයක් මිස ජලාශයේ ජලය තිබෙන බවක් වත් මේ නිසා නොපෙනේ.

මෙයින් අපේක්ෂා කෙරෙනුයේ හිරු රැස් හමුවේ ජලය වාෂ්පීකරණයව යෑම වළක්වාගැනීමය. ඊට අමතව ඇල්ගී කි‍්‍රයාකාරකම් හා විවිධ රසායනික ප‍්‍රතිකි‍්‍රයා නිසා ජලය දුෂණයවීමද මෙම උපක‍්‍රමයෙන් මැඩපැවැත්විය හැකි බවත් සඳහන්ය.

වැඩකට නැති දෙයක් ලෙස පෙනුණ ද මෙම බෝල නිසා සැබෑවටම ජලය වාෂ්ප නොවී ආරක්ෂා වන බව කැලිෆෝර්නියා ප‍්‍රාන්ත බළධරයෝ කියති.

දීර්ඝ කාලයක් මුළුල්ලේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තය මුහුණදෙමින් සිටින ඉඩෝරය හමුවේ ජලය ආරක්ෂා කරගැනීමට මෙසේ අලූත්ම ආකාරයේ පියවර ගැනීමට ඔවුන්ට සිදුව ඇත

වැසි වැටේ යැයි ලකුණක් නොමැති වීම නිසා අවසාන ජල බිදුව දක්වාම ආරක්ෂා කරගැනීමට කටයුතු කරනවා විනා අන් කළ හැකි කිසි දෙයක් තමන්ට නොමැති බව ඔවුහු කියති.

2B43A7A500000578-0-Around_20_000_polyethylene_balls_were_released_into_the_Los_Ange-a-13_1439314829196[1] 2B43A7AD00000578-0-The_release_of_the_final_20_000_of_96_million_black_shade_balls_-a-12_1439314828925[1] 2B43A8C200000578-0-image-m-42_1439316322373[1] 2B43A8EA00000578-0-image-a-39_1439316291581[1] 2B43A76600000578-0-A_total_of_96_million_black_shade_balls_have_been_released_by_of-a-15_1439314829357[1]