
මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලා ගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ. ජනාධිපතිවරයා රටින් පලා ගයේ තරුණ විරෝධතාකරුවන්ට එරට හමුදාවේ සහාය හිමිවීමත් සමඟය.
රැජොයෙලිනා පලා ගියේ ප්‍රංශයටය. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුවය. රැජොයෙලිනා දේශපාලන රැකවරණ පතා ප්‍රංශයට ගියේ යැයි ද පැවැසිණි.
ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණ දුන්නත්, තමන් මැඩගස්කර් දූපත් රාජ්‍යයේ දේශපාලන අර්බුදයට මැදිහත් නොවන බව ප්‍රංශය අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි. ප්‍රංශයේ සිට රැජොයෙලිනා මැඩගස්කර් වැසියන් ඇමතුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd