
ඇමෙරිකන් ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වී, ඔත්තු බැලූ, චීනයේ යැයි සැක කෙරෙන බැලූනය පහර දී විනාශ කළ බව ඇමෙරිකා රජය කියයි.
ඇමෙරිකන් හමුදාව, මිනිසුන් රහිතක මෙම බැලූනය විනාශ කළේ ඊට මිසයිලයක් එල්ල කරමිනි. බැලූනය විනාශ කරන්නැයි අණ දී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය.
ඔත්තු බලන බැලූනයක්, උතුරු ඇමෙරිකාවට අයත් ගුවන් සීමාවට ඇතුළු වී ඔත්තු බලන බව ඇමෙරිකන් ආරක්ෂක තහවුරු කර ගත්තේ පසුගිය ජනවාරි 28 වැනිදාය. ඒ වනවිට බැලූනය මොන්ටැනා ජනපදයේ බිලින්ග්ස් නගරයට ඉහළ අහසේ පාවෙමින් තිබුණි. මොන්ටැනා ප්‍රාන්තයේ හමුදා කඳවුරුවල ඇමෙරිකන් හමුදාවට අයත් න්‍යෂ්ටික මිසයිල, ප්‍රහාර සඳහා සූදානමින්, භූගතව රඳවා තිබේ.
ඇමෙරිකා හමුදාවට අයත් ගොඩනැගිලි සහ කඳවුරුවලට ඉහළින් යමින් බැලූනය ඔත්තු බැලූ බව මාධ්‍ය අනාවරණය කළේ පසුගිය 3 වැනිදාය. බැලූනය දුටු පළමු අවස්ථාවේ ඊට පහර දීම ගැටලුවක් වූයේ, එහි සුන්බුන් නගරවලට වැටී ජනතාවට අනතුරක් විය හැකි බැවිනි. ඇමෙරිකන් ආරක්ෂක අංශ බැලූනයට පහර දුන්නේ එය මුහුදු සීමාවට ඉහළින් පාවෙද්දීය.
‘බැලූනය ගැන අප ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවුණා. එය දුටු සැණින් අප ඒ බව ජනාධිපති ජෝ බයිඩන්ට දැනුම් දුන්නා. ජනාධිපතිවරයාගෙන් අපට අණ ලැබුණා බැලූනය පහර දී විනාශ කරන්න. අප එසේ කළා’ යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැලූනයට ඇමෙරිකන් හමුදාව පහර දෙයි