
බැලූනය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය.
වසර ගණනාවකට පසු, ඇමෙරිකාවත් චීනයත් අතර, පැවැත්වීමට නියමිතව තිබූ පළමු ඉහළ මට්ටමේ සකච්ඡාව සඳහා සහභාගී වීමේ අරමුණින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා බෙයිජීං බලා යෑමට සූදානමින් සිටියේය. ඒ, පසුගිය සතියේ කළ මැදපෙරදිග සංචාරය අවසන් කිරීමෙන් පසුවය.
බැලූනය සම්බන්ධයෙන්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් චීන රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ, චීනය තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd