
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැවැත්වෙමින් තිබූ සාකච්ඡාවලට හානියක් සිදුවුණු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමන් නෙදන්යාහු කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ මෙම චෝදනා ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව පවසන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව සටන් විරාමයකට ශක්තියක් වූ බවත්, ඊශ්‍රායල හමාස් සාකච්ඡාවලට කිසිදු 'හානියක්' සිදු නොවුණු බවත්ය.
වහා සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරමින්, නව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සම්මත වීම රටවල් බොහොමයකගේ පැසැසුමට හේතුවිය. කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දක්වන ඇමෙරිකාව, මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසද්දී, ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි.
සටන් විරාම කොන්දේසි ඉදිරිපත් කරමින් ගාසා තීරයේ හමාස් සංවිධානය, ඊශ්‍රායලයට පවසා ඇත්තේ, යුද්ධය වහා නවත්වා, ඊශ්‍රායල හමුදා සම්පුර්ණයෙන් ගාසා තීරයෙන් පිටවිය යුතු බවය.
එසේ කරන්නේ නම්, තම ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා හරින බව ද හමාස් පවසා ඇත. ඊශ්‍රායල රජය සහ හමුදාව තරයේ පවසා ඇත්තේ හමාස් සටන්කාමීන්ගේ කිසිම කොන්දේසියකට තමන් යටත් නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd