
බෙල්ජියාමේ බ්‍රසල්ස් නුවර සිදුවුණු පිහි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත් තිදෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි ආරක්ෂක අංශ සැක කරයි. බෙල්ජියම් අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් දෙ කෲ පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවය.
පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ බවත් පොලිස් ආරක්ෂාව යටතේ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd