
2026 නව වසර උදා වෙද්දී, බර්ගේරියාව ද නිල වශයෙන් යූරෝ මුදල් ඒකක භාවිතය ආරම්භ කළේය. ඒ අනුව, දශක ගණනක් තිස්සේ භාවිතයට ගත් ‘ලෙව්’ මුදල් ඒකකය අත්හිටුවීම සිදුවනු ඇත.
බංග්ලේරියාව, යූරෝ භාවිතයට පෙළඹීමත් සමඟ යූරෝ භාවිතයට ගන්නා යුරෝපීය වැසියන් ගණන මිලියන 350 ඉක්මවයි.
බල්ගේරියාව යනු ගිනිකොනදිග යුරෝපයේ ‘බෝල්කන්’ කලාපයේ පිහිටි ඉතාමත් සුන්දර මෙන්ම දීර්ඝ ඉතිහාසයක් ඇති රාජ්‍යයකි. බල්ගේරියාව උතුරින් රුමේනියාවට ද, බටහිරින් සර්බියාවට සහ උතුරු මැසිඩෝනියාවට ද, දකුණින් ග්‍රීසියට සහ තුර්කියට ද මායිම් වෙයි. නැගෙනහිරින් කළු මුහුද පිහිටා ඇති අතර, බල්ගේරියාවේ අගනුවර සෝෆියාය.
බල්ගේරියානු ආර්ථිකය මෑත කාලයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. බලශක්ති නිෂ්පාදනයට, පතල් කැණීම්වලට, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය බල්ගේරියාව ප්‍රසිද්ධියක් උසුලයි. බල්ගේරියාව, යුරෝපා සංගමයේ සාමාජිකයකු මෙන්ම නේටෝ සංවිධානයේ ද සාමාජිකයෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.