
සිංගප්පූරුවේ ප්‍රවෘත්ති බ්ලොග්කරුවන් දෙදෙනකුට එරට අග්‍රාමාත්‍ය ලී හ්සියැන්ග් ලූන්ග් ට සිංගප්පූරු ඩොලර් 370,000 (ඇමෙරිකානු ඩොලර් 275,113ක්) ක් ගෙවන්නැයි එරට මහාධිකරණයක් නියෝග කර ඇත.
නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ සහ අග්‍රමාත්‍ය ලී හ්සියැන්ග් ලූන්ග් ගේ පියා වන ලී ක්වාන් යූ ට අයත් නිවසක් සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් මීට මූලික විය.
එම ලිපියෙන් තමන්ට අපහාසයක් සිදු වූ ඇතැයි අග්‍රාමාත්‍ය ලී හ්සැයින්ගේ ලූන්ග් ප්‍රවෘත්ති බ්ලොග්කරුවන් දෙදෙනාට චෝදනා කළේ ය.
මෙම ලිපිය ලිය ඇත්තේ රුබාෂිනි ෂන්මුගනාතන් වන අතර අදාළ ලිපිය පළ වූ බ්ලෝග් අඩවියේ කර්තෘ වන්නේ ෂු යුවාන් චෙන් ය. ‘ද ඔන්ලයින් සිටිසන්’ බ්ලොග් අඩවියේ අදාළ ලිපිය පළ වූ අතර ලී ක්වාන් යූගේ අභාවයෙන් පසු ඔහුට අයත් නිවස සම්බන්ධයෙන් සහ දේපොළ සම්බන්ධයෙන් පවුල තුළ අර්බුදයක් ඇති වී ඇතැයි එම ලිපියේ පළ විය.
ලී ක්වාන් යූ ගේ පුත් ලී හ්සියැන්ග් ලූන්ග් වංක පුද්ගලයකු යැයි අදාළ ලිපියෙන් චෝදනා කර තිබිණි.
එමඟින් අග්‍රමාත්‍ය ලී ගේ කීර්තිනාමයට සහ චරිතයට හානි සිදු වී ඇතැයි මහාධිකරණ විනිසුරු අවුඩ්‍රි ලිම් පැවැසුවා ය.
“මෙම ලිපියෙන් ලීගේ පෞද්ගලික ජීවිතයේ අවංකත්වයට බරපතළ පහරක් එල්ල වී තිබෙනවා. එමෙන්ම පෞද්ගලිකව මෙන්ම සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඔහුගේ විශ්වාසනීයත්වයට බරපතළ හානියක් සිදුව තිබෙනවා” යැයි ලිඛිත නියෝගයක් කරමින් ලිම් සඳහන් කළාය.
යුවාන් චෙන්, ටෙරි ෂූ යන නමින් ද හැඳින්වෙන අතර හෙතෙම සිංගප්පූරු ජාතිකයෙකි. ඔහු අග්‍රාමාත්‍යවරයාට සිංගප්පූරු ඩොලර් 210,000ක මුදලක් ගෙවිය යුතු ය. අදාළ ලිපිය සම්බන්ධයෙන් තවත් නඩු තීන්දුවක් ලබා දී තිබෙන අතර එයට අනුව මැලේසියානු ජාතික කාන්තාවක වන රුබාෂිනි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට සිංගප්පූරු ඩොලර් 160,000ක මුදලක් ගෙවිය යුතු ය.
ඔවුන් දෙදෙනාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ ද මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ඉකුත් මැයි මාසයේ දී අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ලිපියෙන් තමන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇතැයි එම අවස්ථාවේ දී පැවැසී ය.
අදාළ නඩු තීන්දුවෙන් ලැබෙන මුදල් පුණ්‍ය කටයුතු වෙත ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දිවංගත අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මෙන්ම සිංගප්පූරුවේ පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝමයක් විදෙස් මාධ්‍යවලට මෙන්ම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව අපහාස චෝදනා එල්ල කළ ඇත.
රුබාෂිනි ෂන්මුගනාතන් සහ ෂු යුවාන් චෙන් ට අපහාස චෝදනා එල්ල වීමත් සමඟ ඉකුත් අප්‍රේල් මාසයේ දී ක්‍රියාකාරිකයකු සහ මූල්‍ය උපදේශකයකු ඔවුන් දෙදෙනා වෙනුවෙන් අරමුදල් එකතු කිරීමක් ද කරන ලදි.
මේ අතර මෙවැනි තීරණ, නීන්දු සහ පියවර මඟින් භාෂණයේ නිදහස උල්ලංඝණය කරන බවත් සහ දේශපාලන ප්‍රතිවාදීන් පීඩාවට පත් කරන බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර කේන්ද්‍ර කරගත් ‘හියුමන් රයිට්ස් වොච්’ සහ ලොවපුරා මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්ලොග්කරුවන්ට ඩොලර් 370,000 ක් ගෙවන්නැයි නියෝග