IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්ලොග් මාධ්‍යවේදියා ඝාතකයන්ට මරණ දඩුවම

අන්‍යාගම් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය බ්ලොග් හිමිකරුවකු ඝාතනය කිරීම සම්බන්ධ වරදකරු වූ පුද්ගලයන් දෙදෙනකුට බංග්ලාදේශ අධිකරණය මරණ දඩුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝාතනයට ලක්වූයේ අහමද් රජිබ් හයිදර් නමැති බ්ලොාග් කරුවෙකි. යුද අපරාධ සිදු කර ඇති බවට චෝදනා ලත් ඉස්ලාමීය නායකයන්ට එරෙහිව අදහස් පළ කළා යැයි පපවසමින් ඔහු කපා කොටා මරා දමා තිබිණි. ඒ අදින් වසර තුනකට පමණ පෙරදීය. මේ සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් හය දෙනකු අධිකරණයෙන් වරදකරැ කැර ඇත.

සිය පුත්‍රයා ඝාතනය කළ බවට වරදකරු වූ අයකු තවමත් පොලිසිය මග හරිමින් පළා යමින් සිටීම ‘අදහාගත නොහැකි’ යැයි ඝාතනයට ලක් වූ අහමද් රජිබ්ගේ පියා බංගලාදේශ අධිකරණ ක්‍රියාදාමය විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දක්වා ඇත.



අදහස් (0)

බ්ලොග් මාධ්‍යවේදියා ඝාතකයන්ට මරණ දඩුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site