2011 මැයි දෙවැනිදා පාකිස්ථානයේ ඇබෝටාබාද්හිදී අති ත්‍රාසජනක වැටලීමකින් ඔසාමා බිල්ලාඩන් මරා දමා බලවත්ම සතුරා වනසා ඇමෙරිකාව සාඩම්බරයට පත් කළ සීල් නාවික භටයන් 25 දෙනාගේ 22 ක්ම මරුමුවට පත්ව සිටිති.
බිල් ලාඩන් මරා දැමූ ‘හය දෙනාගේකණ්ඩායමේ‘ දැන් ඉතිරිව සිටින්නේ දෙදෙනකු පමණි.
හෙලිකොප්ටර අනතුරකින් 22ක් මරුමුවට පත් විය. තවත් සීල් භටයෙක් සරඹ පුහුණුවකදී මරුමුවට පත් විය.
මාර්ක් ඕවන් නම් ආරූඪ නාමයෙන් මෙහෙයුමක් ගැන පොතක් ලියන්නට ගිය මැට් නිසොනට්ට මරණ තර්ජන එල්ල විය.
නාවික හමුවෙන් නිගරු ලෙස ඉවත් කැරිණි. එම තොරතුරු හෙළි කිරීමට ඇයට ඉඩ නොලැබිණි. එපමණක් නොව බිල් ලාඩන්ට වෙඩි තැබූ සෙබළා පැවසූවේ විශ්‍රාම ගැනීමෙන් පසුව තමාට විශ්‍රාම වැටුප් නොලැබෙන බවයි.
ඔහු පීඩනය හා ආවේග ඉවසා ගත නොහැකිව වසර විස්සේ සේවය වසර 16කින් අවසන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරග හරි. ප්රභාකරන් සිංහලයට ත්‍රස්තයෙක් උනත් ලෝකයේ බොහෝ දෙනාට මොහු වීරයෙක්.(නදී)
රෂීඩ් කියන්නේ ගොඩක් ඉස්සර ඇමෙරිකවම බින් ලාඩන්ව ව මැරුවා කියලද? එහෙම නැත්නම් හෙම්බිරිස්සා උණ ගැනිලා මැරුනද? (නි)
චාමින්ද, ඔබ හරි. (නි)
සීල් විශේෂ බලකාය කියන්නෙ ලෝකයේ සිටින භයානකම විශේෂ බලකා වලින් එකක්. ඔවුන්ටත් තියෙන්නෙ මේ ලෝකයේ සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි සුවිශේෂි අභ්‍යාස. මම දන්න තරමින් ඔය වශේෂ ඒකක වල විවිධ නීති තියෙනවා. එකක් තමයි කණ්ඩායමේ හෝ මෙහෙයුමේ රහස්‍යභාවය ගිලිහුනොත් මෙහෙයුමට සම්භන්ධ වූ සියලු දෙනාම ඝාතනයට ලක් කිරීම. (නි)
සාක්ෂි මැකීම සාර්ථකව සිදු වේ.(නදී)
අනේ මෝඩ මිනිස්සු, බින් ලාඩන් මැරිලා දැන් හුඟක් කල්, එකත් ස්වබාවික විපතකින් තමයි මැරුනේ, ඔබමා මැරුවේ වෙන කව්දෝ. හොඳට ඉතිහාසය කියවලා බලන්න. (නදී)
මම නම් හිතන්නේ එෆ්.බී.අයි. එකේ වැඩක් කියලයි. මම කිවුවේ මට හිතුණු දේ පමණයි. (නි)
සහෝදරවරුණි, මදක් හිතන්න. ඔබලා මේ කියනා එකකුගෙන්වත් ඔබට, අපට හෝ අප රටට එක වදනකින් හෝ පලක් තියේද? (නි)
බින් ලාඩන් මරලා දාන්නේ නැතිව දරු කමට හදා ගන්නද ?(නදී)
ලංකාවෙත් මේවා තිබුනා 89 ගණන් වල. (නි)
ඇමෙරිකාව ලංකාවට අත තියෙන කොට තමයි බින් ලාඩන් වීරයෙක් කියලා හිතන්නේ. නැතිනම් ඔහු ත්‍රස්තවාදියෙක්.(නදී)
එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් තව තියෙනවා ඉස්සරහට රහස්. මම දන්නා හැටියට නම් කව්රුවත් දිනලා නැහැ තව මිනිස්සුන්ට නම් ප්‍රශ්න.මේක කරගත් එකෙන් උනේ අනා ගැනීමක් පමණි.(නදී)
සුරංග, සුරංඟනා ලෝකෙක වගේ තාමත් ඉන්නේ. නැත්තම් 5000 ක් විතර මිනිස්සු තප්පර ගනනකදී මරපු කෙනෙක්ව වීරයෙක් වෙලා තියෙන්නේ. ඔයා පියවි ලෝකෙට එන්න. එතකොට පුළුවන් තේරුම් ගන්න. ඇමෙරිකාව කියන්නේ ගොඩක් නිදහස තියෙන රටක්. ඒක තේරුම්ගන්න එරටට ගිහිල්ලම බලන්න ඕනෑ (නි)
බිල් ලාඩන් වීරයෙක් කරන්නත් එපා. ඔහු ඇමරිකන් විරෝධියෙක් කියලත් හිතන්න එපා (නි)
ඕක මෝඩ කතාවක් , ඔබාමා දෙවැනි පාරටත් දිනුවා, හිලරි හොදින් ඉන්නවා , අනිත් එක බිල්ලාඩන් කියන්නේ මිනිමරුවෙක් , ඔහු ආගම වෙනුවෙන් වගේ කුඩා රටවල් වලත් ප්‍රශ්න ඇති කෙරුවා.(නදී)
අපිට දැනෙන්නේ බින් ලාඩන් ත්‍රස්තවාදියෙක් විදියට නොවේ. ඔහු හරි. අපිට අපි වගේ කුඩා රටවල් වලට පහර දුන් අමෙරිකාවට ඔහු නිර්බීතව පහර දුන්නා. (නි)
ඒ වුණාට ඔබාමා නම් දිනුවා නේද? (නි)