IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බලු ගෙදරට කෝටි ගණනින් ආධාර

නැගෙනහිර එංගලන්තයේ මැන්චෙස්ටර් හි බල්ලන් රැකබලාගන්නා නිවසක ඇතිවූ ගින්නකින් බල්ලන් 43 දෙනකු මියයාමේ පුවත වාර්තාවීමත් සමග මේ බලු නිවාසය වෙනුවෙන් ආධාර කෝටි ගණනක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ගින්න ඇතිවී මිනිත්තු කිහිපයකින් පවුම් 561,000ක් (රුපියල් කෝටි 12ක්) ආධාර ලැබී ඇත. මේ ගින්නෙන් බල්ලන් මියයාම සම්බන්ධයෙන් මහත් කම්පාවට පත්ව ආධාර කරන්නේ සුරතල් සතුන් ඇතිකරන පිරිස් බව ද මාධ්‍ය වාර්තා කරයි.

ගින්නට මැදිවී සිටි බල්ලන් 150ක් ස්වේච්ඡා සේවකයන් විසින් බේරාගෙන ඇත. මේ ගින්න ඇතිකරන ලදැයි සැකපිට 15 හැවිරිදි පිරිමි ළමයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරමින් සිටින බව පොලිසිය කියයි.

 



අදහස් (0)

බලු ගෙදරට කෝටි ගණනින් ආධාර

ගයාන් Saturday, 13 September 2014 03:54 PM

බල්ලන් වෙනුවෙන් උණුවෙන හදවත් මිනිසුන් වෙනුවෙනුත් උනුවේවා. (නදී)

:       0       0

චමින්ද Saturday, 13 September 2014 08:51 PM

මෙවැනි අය මොන රටෙත් දකින්නට ලැබෙනවා.සමහරු ග්‍රීෂ්ම කාලයට කැලෑ ගිනි තියෙනවා. මේ අයගේ දෙමාපියන්,පවුල් පසුබිම ගැන සොයා බැලීමේදී පෙනීයන්නේ යහපත් පින්තූරයක් නොවේ.මේවා කොලුකමට කරන වැඩ නොවෙයි. තමුන් හැදුනු වැඩුන පරිසරය අනුව කරන වැඩ. (නි)

:       0       0

සෑම් Saturday, 13 September 2014 09:13 PM

ගයාන්, මිනිසුන්ගේ ආපදා වලදීත් මේ ආකාරයටම උදව් උපකාර කරන අය ඕනෑතරම් ඉන්නවා. නමුත් සතුන් මිනිසුන් වගේ වංචාසහගත වැඩ කරන්නේ නැහැ. (නි)

:       0       0

ශීලා Saturday, 13 September 2014 11:25 PM

බල්ලන් වෙනුවෙන් උණුවුණ හදවත් මිනිසුන් වෙනුවෙනුත් උණුවුණ නිසා තමා ගයාන් මලයෝ සුනාමියට බිලියන් ට්‍රිලියන් ගණන් ආධාර එවුවේ. ඒවා සමහරු ගසාකෑවට අපි මක්කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site