ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව මගින් දෙවැනි වරටත් බිල්ගේට්ස් නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ පුරෝගාමියා වු ගේට්ස් විසින් මෙක්සිකෝ ව්‍යාපාරිකයකු වු කාලොස් ස්ලිම් නැවත වරක් පරාජයට පත්කරනු ලැබ සිටියි.
ගේට්ස්ගේ මුළු වත්කම් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි 13 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 79 ක් බව ගණන් බලා තිබේ.
ලෝකයේ ප්‍රකෝටිපතියන් 1826 වාර්තාගතවී තිබේ. පසුගිය මාස 12 තුල වැඩිවු ගණන 181 ක් දෙනෙක් බවද ෆෝබ්ස් වාර්තාවේ දැක්වේ. ධනවතුන් අතර ලෝකයේ තෙවැනියා වි ඇත්තේ ස්පාඤඤයේ මෝස්තර නිර්මාණ ජාලයක හිමිකරු වු ඇමන්සියෝ ඕටෙගා වේ.
ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස පළමුවරට ලැයිස්තුගත වි ඇත්තේ වෝල්මාට් සිල්ලර බඩු ව්‍යාපාරය හිමිව තිබු ජෝන් වෝල්ටන් ගේ වැන්දඹු බිරිඳ වු ක්‍රිස්ටි වෝල්ටන්ය. ඇය පසුගිය වසර පහේ දී ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස ෆෝබ්ස් සඟරාවේ නම සටහන් කැර ගැනීමට සමත් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව් ඇත්තන්ට කෝටිපතියන් විය නොහැකිද? (නදී)
ඉතා හොඳයි (නි)
කීපදෙනෙක් බිහි වෙන්න තිබුණ අවස්ථාව මගහැරුණා.(දිල්)
අපේ රටේ කෙනෙක් පළමු 100 වත් නැද්ද? වෙන්න බෑ හැබැයි (දිල්)
අපොයි හරියට බැලුවොත් පළවැනියා ලංකාවෙම ඇති. ගිණුම් තියෙන්නේ වෙන වෙන නම්වලින් නිසා හොයන්න බෑ (බ)
අපේ පසුගිය මැතිවරණයෙන් අපේ හිටපු ජනපති පරාජය කලේ නැතිනම්, තව අවුරුදු 5 ක් යන්න කලින් අපේ ලාංකිකයෙක් ඔය තැනට එන්න තිබුනේ, අපේම අය එය නෙති කර ගත්තා. (ර)
අපේ රටට නැද්ද තැනක්? (නි)
අනේ හොඳයි. එයා එයාගේ සල්ලි වලින් මැලේරියා ආදී ලෙඩ පරදවන්න තමයි වැඩකරන්නේ (නි)
සල්ගාදු, කාගේ දනයෙන්ද (නදී)
සජින් වාස් කී වෙනියද(නදී)
දුමින්ද, ජාතික ධනය සොරා කෑමෙන් ගන්න සල්ලි ගැන නොකියා ලිව්වේ (නදී)
අපේ කට්ටිය කවුරුත්ම නැද්ද? (නි)