IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රහස්පති සඳු ජලය විදී

බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන යුරෝපා වෙතින් අභ්‍යාවකාශයට වේගවත් ජල ප්‍රහාර විදින බව තහවුරු කිරීමට අවශ්‍ය ජායාරූප හබල් දුරේක්ෂය එවා ඇති බව නාසා ආයතනය පවසයි. මෙම සංසිද්ධිය හබල් දුරේක්ෂයෙන් 2013දී ලැබුණු ජායාරූප මගින් අධ්‍යයනය කැර තිබුනත් අලුතින් එවා ඇති දර්ශන වලින් එය වඩාත් තහවුරු වී ඇත.

‘යුරෝපා‘ මතුපිට ඇති අයිස් පෘෂ්ඨයට යටින් ගලා යන ජලය සහිත මුහුදු තිබෙන බවත් එහි ක්ෂුද්‍රජීවීන් සිටීමට බොහෝදුරට ඉඩ ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති. ඔවුන් පවසන්නේ ඉහලට විදින ජල පහර මගින් මෙය වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට අවකාශ ලැබෙන බවයි.

මෙම ජල සාම්පලයක් යම්කිසි ක්‍රමයකින් ලබා ගැනීමට හැකිවුවහොත් ජෛව විද්‍යාත්මක විශ්ලේෂණයක් මගින් සවිස්තරාත්මක දත්ත ලබාගැනීමට හැකිවනු ඇත. හබල් දුරේක්ෂයට මෙම ජායාරූප ලබාගැනීමට හැකිවී ඇත්තේ බ්‍රහස්පතිට ඉතා ලඟින් ගමන් කරන අවස්ථාවකදීය.

web_91388098_mediaitem91388097 web1387993_mediaitem91387992



අදහස් (0)

බ්‍රහස්පති සඳු ජලය විදී

බෙනට් Wednesday, 28 September 2016 04:29 PM

මේ වගේ ලෝක බෝල දකිද්දී හිතෙන්නෙම මේවා කාගේ හෝ නිර්මාණයක් කියල තමයි . ඉබේ ඇතිවෙන්න පුළුවන් කමක් නැහැ . එක එක එවල අභ්‍යන්තරය විවිධා කාරයි . එහෙම අභ්‍යන්තරය විවිධාකාර ඒවල මතුපිට පෙනුම සියල්ලේම එක වගේ කියන්නේ අනිවාර්යෙන්ම කවුරුන් හෝ හදපු දේවල් . කවුරුන් හෝ කෙනෙක් මේවා හදල දැන් ඒවල ක්‍රියාකාරිත්වය බලමින් විනෝද වෙනවා . (අ)

:       0       0

සෑම් Tuesday, 27 September 2016 09:34 PM

අන්තරේ උද්ඝෝෂණයක් බ්‍රහස්පති කිට්ටුව පවත්වලාද කොහෙද (නි)

:       0       0

අසාම් Wednesday, 28 September 2016 12:52 AM

හබල් දුරේක්ෂය කක්ෂගත කරලා තියෙන්නේ පෘථිවිය වටා. එය කිසිවිටක බ්‍රහස්පති ආසන්නයෙන් ගමන් කර නැහැ. නමුත් නසා කසීනි යානය මීට පෙර යුරෝපා චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර එහි ඉහළට විදින ජල සාම්පල පවා යානය තුළ ඇති පරීක්ෂණ කුටිය මගින් පරීක්ෂණයට ලක් කළා

:       0       0

එරන්ද Wednesday, 28 September 2016 08:44 AM

කුමාර ඔබ නිවැරදියි. ආතර් සී ක්ලාක් මහතා කියන්නේ මහා බුද්ධිමතෙක්. එතුමා මේ පොත් ලියුවේ විද්‍යාවේ අාභාෂයෙන් විතරක් නොවේ. එතුමා හොඳින් හිත දියුණු කරපු කෙනෙක්.එහෙම කෙනෙක්ට මේ මුළු විශ්වයම වුණත් ලස්සනට පේනවා... (නි)

:       0       0

අරවින්ද Saturday, 01 October 2016 04:34 AM

ඉතා හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 29 September 2016 12:06 AM

ඉතින් මේ සොයාගැනීමෙන් පෘථිවිවාසීන්ට ඇති ප්‍රයෝ්ජනය කුමක්ද? (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Wednesday, 28 September 2016 04:05 AM

කුමාර් හරි. එතුමා කියපු හැම දෙයක්ම ඇස් පනාපිට සැබෑවෙනවා නේද? (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 29 September 2016 12:09 AM

මට නම් පෙනෙන්නේ අරාබි කොල්ලෙක් රට පුරාම එයාගේ ට්‍රයිසිකල් එක පැදලා වගෙයි

:       0       0

නිමේෂ් Monday, 09 January 2017 07:32 PM

ඇත්තටම ඉතාම ළඟකදී ඉතාම සරල ජීවයක්වත් පෘථිවියෙන් පරිබාහිරව අපට සොයාගත හැකි වෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා (නි)

:       0       0

එරන්ද Saturday, 01 October 2016 05:54 AM

බෙනට් මහත්තයා, ඔවු මේ දේවල් සොබා දහම කියන ශිල්පියාගේ නිර්මාණයන්. (නි)

:       0       0

චන්දන Saturday, 01 October 2016 05:59 AM

බෙනට්, කිසිම දෙයක් ඉබේ ඇතිවෙන්නේ නැහැ. හේතුන් නිසයි ඇතිවෙන්නේ.

:       0       0

නුවන් Saturday, 01 October 2016 06:32 AM

බෙනට්, මේ විශ්වය පමණක් නොව පවතින සියලු විශ්ව සමඟ ඔබත් මමත් ඇතුළුව සියල්ල හැදිලා තියෙන්නේ පඨවි, අාපෝ, තේජෝ, වායෝ කියන ගති(ගුණාංග) වලින් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියනවා. ඔබට රේරුකානේ හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය පොත් කියෙව්වොත් වටහාගන්න හැකියි. (නි)

:       0       0

පහන් Tuesday, 27 September 2016 01:08 PM

කෙලින්ම රතුපස්වලට පොම්ප කරන්න . (අ)

:       0       0

කුමාර Tuesday, 27 September 2016 02:56 PM

ආතර් සී ක්ලාක් මහතා ඔබ නම් විශිෂ්ඨයි 2001, 2010,2061,3001(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 620 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site