බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන යුරෝපා වෙතින් අභ්‍යාවකාශයට වේගවත් ජල ප්‍රහාර විදින බව තහවුරු කිරීමට අවශ්‍ය ජායාරූප හබල් දුරේක්ෂය එවා ඇති බව නාසා ආයතනය පවසයි. මෙම සංසිද්ධිය හබල් දුරේක්ෂයෙන් 2013දී ලැබුණු ජායාරූප මගින් අධ්‍යයනය කැර තිබුනත් අලුතින් එවා ඇති දර්ශන වලින් එය වඩාත් තහවුරු වී ඇත.
‘යුරෝපා‘ මතුපිට ඇති අයිස් පෘෂ්ඨයට යටින් ගලා යන ජලය සහිත මුහුදු තිබෙන බවත් එහි ක්ෂුද්‍රජීවීන් සිටීමට බොහෝදුරට ඉඩ ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති. ඔවුන් පවසන්නේ ඉහලට විදින ජල පහර මගින් මෙය වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට අවකාශ ලැබෙන බවයි.
මෙම ජල සාම්පලයක් යම්කිසි ක්‍රමයකින් ලබා ගැනීමට හැකිවුවහොත් ජෛව විද්‍යාත්මක විශ්ලේෂණයක් මගින් සවිස්තරාත්මක දත්ත ලබාගැනීමට හැකිවනු ඇත. හබල් දුරේක්ෂයට මෙම ජායාරූප ලබාගැනීමට හැකිවී ඇත්තේ බ්‍රහස්පතිට ඉතා ලඟින් ගමන් කරන අවස්ථාවකදීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ලෝක බෝල දකිද්දී හිතෙන්නෙම මේවා කාගේ හෝ නිර්මාණයක් කියල තමයි . ඉබේ ඇතිවෙන්න පුළුවන් කමක් නැහැ . එක එක එවල අභ්‍යන්තරය විවිධා කාරයි . එහෙම අභ්‍යන්තරය විවිධාකාර ඒවල මතුපිට පෙනුම සියල්ලේම එක වගේ කියන්නේ අනිවාර්යෙන්ම කවුරුන් හෝ හදපු දේවල් . කවුරුන් හෝ කෙනෙක් මේවා හදල දැන් ඒවල ක්‍රියාකාරිත්වය බලමින් විනෝද වෙනවා . (අ)
අන්තරේ උද්ඝෝෂණයක් බ්‍රහස්පති කිට්ටුව පවත්වලාද කොහෙද (නි)
හබල් දුරේක්ෂය කක්ෂගත කරලා තියෙන්නේ පෘථිවිය වටා. එය කිසිවිටක බ්‍රහස්පති ආසන්නයෙන් ගමන් කර නැහැ. නමුත් නසා කසීනි යානය මීට පෙර යුරෝපා චන්ද්‍රයා ආසන්නයෙන් ගමන් කළ අතර එහි ඉහළට විදින ජල සාම්පල පවා යානය තුළ ඇති පරීක්ෂණ කුටිය මගින් පරීක්ෂණයට ලක් කළා
කුමාර ඔබ නිවැරදියි. ආතර් සී ක්ලාක් මහතා කියන්නේ මහා බුද්ධිමතෙක්. එතුමා මේ පොත් ලියුවේ විද්‍යාවේ අාභාෂයෙන් විතරක් නොවේ. එතුමා හොඳින් හිත දියුණු කරපු කෙනෙක්.එහෙම කෙනෙක්ට මේ මුළු විශ්වයම වුණත් ලස්සනට පේනවා... (නි)
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
ඉතින් මේ සොයාගැනීමෙන් පෘථිවිවාසීන්ට ඇති ප්‍රයෝ්ජනය කුමක්ද? (නි)
කුමාර් හරි. එතුමා කියපු හැම දෙයක්ම ඇස් පනාපිට සැබෑවෙනවා නේද? (බ)
මට නම් පෙනෙන්නේ අරාබි කොල්ලෙක් රට පුරාම එයාගේ ට්‍රයිසිකල් එක පැදලා වගෙයි
ඇත්තටම ඉතාම ළඟකදී ඉතාම සරල ජීවයක්වත් පෘථිවියෙන් පරිබාහිරව අපට සොයාගත හැකි වෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් වෙනවා (නි)
බෙනට් මහත්තයා, ඔවු මේ දේවල් සොබා දහම කියන ශිල්පියාගේ නිර්මාණයන්. (නි)
බෙනට්, කිසිම දෙයක් ඉබේ ඇතිවෙන්නේ නැහැ. හේතුන් නිසයි ඇතිවෙන්නේ.
බෙනට්, මේ විශ්වය පමණක් නොව පවතින සියලු විශ්ව සමඟ ඔබත් මමත් ඇතුළුව සියල්ල හැදිලා තියෙන්නේ පඨවි, අාපෝ, තේජෝ, වායෝ කියන ගති(ගුණාංග) වලින් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියනවා. ඔබට රේරුකානේ හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය පොත් කියෙව්වොත් වටහාගන්න හැකියි. (නි)
කෙලින්ම රතුපස්වලට පොම්ප කරන්න . (අ)
ආතර් සී ක්ලාක් මහතා ඔබ නම් විශිෂ්ඨයි 2001, 2010,2061,3001(අ)