බ්‍රසල්ස් ප්‍රහාරයේ   සැකකරුවකු ලෙසින් හැදින්වූ ෆයිකල් නැමැත්තා සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කිරීමට උසාවිය තීන්දු කර ඇති බව  බි.බි.සිය වාර්තා කරයි.

ඔහු අත් අඩංගුවට ගැනීමට හේතු වුවේ බෝම්බකරුවන්ගේ සි.සි.ටි.වී දර්ශන වල ත්‍රස්තයන් සමග සිටි තුන්වැනි තැනැත්තා ඔහු වූ නිසාය.

ඔහුට එරෙහිව බෙල්ජියම් පොලිසිය ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු ගොනු කලද සාක්ෂි නොමැති නිසා ඔහු  නිදහස් කරන ලෙස උසාවිය නියෝග කර තිබේ.

බ්‍රසල්ස් ගුවන්තොටුපළට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට එල්ල වූ  ප්‍රහාරයෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා   35 දෙනෙක්  මිය ගියහ.