බ්‍රසල්ස් ප්‍රහාරයට සම්බන්ධ අයකු යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කළ අයකු බවට හෙළි වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ පිරිසිදු කිරීමේ සේවකයකු ලෙස කටයුතු කළ අයෙක් බ්‍රසල්හි ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව කියති. එම ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාර ගෙන තිබූ අතර අදාළ සේවකයා සම්බන්ධ තොරතුරු නිශ්චිතවම තහවුරු කරගත් ඒවා නොවන බවත් විදෙස් වාර්තා කියයි.

මොහු 2009 -2010 කාලයේ බාහිර කොන්ත්‍රාත් පදනම මත යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කර ඇතැයි කියති.

පසුගිය මාර්තුවේ බ්‍රසල්ස්හි ගුවන්තොටුපළට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මිය ගියහ.