බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.

මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.

පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.

පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ  මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.

_88888650_brussels

32726A9600000578-3503928-image-m-32_1458632474414 3272958200000578-3503928-image-m-57_1458634650822 CeIvbJSUIAACzpq CeIz8l8WIAAeWKl