බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරදී පොලිස් හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හෙලිකොප්ටරයට වෙඩි තබා ඇත්තේ එරට පාතාල කණ්ඩායමක් බව කියති. හෙලිකොප්ටරයේ ගමන් කළ පොලිස් නිලධාරීන් 4 දෙනකු මියගොස් ඇතැයි ද වාර්තාවේ.

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා පොලිසිය කළ මෙහෙයුමකට මෙම හෙලිකොප්ටරය එක්ව සිට ඇතැයි කියති.

ගල් කැටයක් විසිවන ආකාරයෙන් හෙලිකොප්ටරය බිම වැටීමට පෙර විශාල වෙඩි හඬක් ඇසුණු බව සිද්ධිය අැසින් දුටුවෝ කියති.

web_92566225_mediaitem92566224