බ්‍රසීලයේ හිටපු ජනාධිපති මයිකල් ටෙමර් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව බීබීසී මාධ්‍ය වාර්තා කරයි.
මහා පරිමාණ දූෂණ විමර්ශනයකින් පසු ඔහු උපන් නගරය වන බ්‍රසීලයේ සාඕ පාවුලෝහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
78 හැවිරිදි ඔහු නීතිඥයෙක් වන අතර 2016 අගෝස්තු 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා බ්‍රසීලයේ 37 වැනි ජනාධිපති ලෙස කටයුතු කර ඇත.
ජනාධිපතිවරයා අඛණ්ඩව සෑම වරදක්ම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නීත්‍යනුකූල රැකවරණය අහිමි වී ඇත.
ඔහුගේ පාලන කාලයේ හිටපු ඛනිජතෙල් හා බලශක්ති ඇමතිවරිය වන මොරීරා ෆැන්කෝ මහත්මියවද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙවැනි දූෂණ චෝදනා වලින් බොහෝ දේශපාලකයන් සහ ව්‍යාපාරික නායකයන් වරදකරුවන් වී ඇත.
(බිබීසී ඇසුරෙනි - 63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd