බ්‍රසීලයේ යපස් පතලක වේල්ලක් බිඳීයාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබේ. සිද්ධියෙන් 300 කට ආසන්න පිරිසක් අතුරුදන් වූ අතර ඔවුන් සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.
වේල්ලට යටවූ කිසිවෙකුත් ජිවත්ව සිටියදී සොයා ගැනීමට නොහැකි වූ බව බලධරයෝ පවසති.
මුලින් කියැවුණේ ‘වේල්’ නම් වූ පතලේ සේවයේ නියුතුව සිටි 150 ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවයි. එහෙත් සහන කණ්ඩායම් පවසන්නේ අඩුම වශයෙන් 300 ක් හෝ ඊට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
බ්‍රසීලයේ දැවැන්තම පතල් සමාගමක් වන ‘වේල්’ සමාගමේ පතලක් 2015 දීත් කඩා වැටිණි.
මෙම පළාතේම තිබූ එම පතලේ වේල්ලක් බිඳී යාම හේතුවෙන් 19 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. වසර 4 කට පෙර සිදුවූ එම ඛේදවාචකය බ්‍රසීලයේ සිදුවූ විශාලතම පරිසර විපත්තිය ලෙසින් සැළකේ.
ආණ්ඩුකාර කාර්යාල වාර්තා පවසන පරිදි වේල්ල කඩාවැටෙන අවස්ථාවේදී 427 දෙනෙකු පතලේ සේවය කරමින් සිට ඇත. ඔවුන් අතුරින් 279 දෙනෙක් ජීවතුන් අතර සිටිති.
අල් ජසීරා ඇසුරෙනි
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd