බ්‍රසීලයේ සාවෝ පෝලෝ ප්‍රාන්තයේ සැන්ටෝස් ප්‍රදේශයේ රසායනික බඩු ගබඩාවක පිපිරීමකින් රසායනික ගින්නක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ පිපිරීම සිදුව ඇත්තේ සිකුරාදා දිනයේ දී ය. ඒ හේතුවෙන් මේ දක්වාම එම ස්ථානයෙන් විෂ වායු නිකුත්වෙමින් පවතින බවත් එහි බලපෑම අවට ඇති නගර හතරකට බලපා ඇති බවත් එරට ආරක්ෂක අංශ පවසයි.
සැන්ටෝස් යනු විශාල වරාය නගරයකි. නැව් මගින් ප්‍රවාහනය කරන විවිධ අම්ල වර්ග සහිත කන්ටේනර් රැසක් මේ ගබඩාවේ තිබූ බව ද ගබඩාව අයත් සමාගම නිවේදනය කර ඇත. එම සමාගම සදහන් කර ඇත්තේ ක්ලොරික් අම්ලය සහ සෝඩියම් ඩයික්ලෝරොසයිනේට් සහිත කන්ටේනර 80ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි.
පිපිරීමෙන් පසු ඇතිවූ ගින්නත් සමග ස්වසන අපහසුතා ඇතිවූ 200ට අධික පිරිසක් මේ වනවිට රෝහල්ගත කර සිටිති. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයන් 300ක් යොදවා ඇතැයි ද මාධ්‍ය වාර්තාකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd