බ්‍රසීලයේ බන්නාධගාරයක තාප්පයක් බිඳගෙන රැඳවියන් පිරිසක් පිටතට යෑමට තැත්කිරීමේදී ඇතිවූ ගැටුම්කින් 20දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

උතුරු දිග බෙලෙම් නගරයේ සැන්ටා ඉසබෙල් බන්ධනාගාර සංකීර්ණයේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගිය අය අතර බන්ධනාගාර ආරක්ෂකයකු ද සිටින අතර තවත් ආරක්ෂක භටයින් හතරදෙනකු තුවාල ලබා ඇත.

රැඳවියන් පිටත සිටි පිරිසකගේ ද ආධාර ඇතිව පුපුරණ ද්‍රව්‍ය යොදා බන්නාධගාරයේ තාප්පය පුපුරුවා පිටතට පැන යෑමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි. 

සිරකරුවන් පලාගොස් ඇත්දැයි තහවුරු වී නැතැයි පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)