බ්‍රසීලයේ මැනවුස් නගරයේ ඇති වූ ගින්නකින් තාවකාලික නිවාස 600ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා වේ. 

ගින්නෙන් ආරක්ෂා වීම සඳහා දහස් ගණන් පිරිස් නිවාස වලින් ඉවත්ව පලාගිය බවද ජීවිත හානි වාර්තා වී නොමැති බවද බලධාරීහු පවසති. හතර දෙනකු තුවාල ලබා ඇත.

වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම තාවකාලික නිවාස ඉදිකර ඇතිබව පැවසේ.

මුළුතැන්ගෙයක පීඩන උඳුනක සිදුවූ පිපිරුමකින් ගින්න ඇති වූ බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වි ඇත. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් මහත් ආයාසයක් දැරූ නමුත් නිවාස බොහොමයක් විනාශ වූ බව සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි  - 085)