
බ්‍රසීලයේ 'කොවිඩ් 19' මරණ මේ වනවිට ලක්ෂ 6 පසු කර තිබේ. 'කොවිඩ් 19' වසංගතය උත්සන්න වීමෙන් පසු, තවමත් ලොව දෙවැනියට වැඩිම 'කොවිඩ් 19' මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
බ්‍රසීලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වැඩි වූයේ එරට ජනාධිපති ජාර් බොල්සරානෝ 'කොවිඩ් 19' වයිරසය අවතක්සේරු කළ නිසාත් බ්‍රසීල වැසියන් වෙනුවෙන් එන්නත් මිලදී ගෙන ඒවා බෙදා දීමට ප්‍රමාද වූ නිසාත් යැයි චෝදනා එල්ල වෙයි.
කෙසේ නමුත් අද වනවිට බ්‍රසීල වැසියන්ගෙන් සියයට 70 කට 'කොවිඩ් 19' නියමිත එන්නත් මාත්‍රා එකක් හෝ ලැබී අවසන් බව පැවැසෙයි. ඇමෙරිකාවේ 'කොවිඩ් 19' මරණ ලක්ෂ 6 සීමාව පසු කළේ පසුගිය ජූනි මාසයේදීය. අද වනවිට ඇමෙරිකාවේ පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්තේ සියයට 65 ක් පමණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd